SKIP TO MAIN CONTENT

නවසීලන්ත - ඔස්ට්‍රේලියා අගමැතිවරුන් අද හමුවෙයි.

NZ PM will meet AUS PM today.
Source: SBS

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News



Skip to article content

ආසියා පැසිෆික් කලාපය තුළ චීනයේ නැගී සිටීම හමුවේ ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය එක්ව කටයුතු කළ යුතු බව නවසීලන්ත විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය Winston Peters පවසයි.

නවසීලන්ත විදේශ අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (01/02) සිඩ්නි නුවරදී පැවති මාධ්‍ය හමුවකදීය.

නවසීලන්ත අගමැතිනිය Jacinda Ardern,  විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය Winston Peters සහ තවත් කැබිනට් අමාත්‍යවරු කිහිපදෙනෙකු සමග ඊයේ සිඩ්නි ගුවන් තොටුපොළෙන් ඔස්ට්‍රේලියාවට පැමිණියහ.

ඔස්ට්‍රේලියානු අගමැති මැල්කම් ටර්න්බුල් සහ නවසීලන්ත අගමැතිනිය Jacinda Ardern අතර ද්වි පාර්ශවික සාකච්ඡා අද (02/03) ආරම්භ වීමට නියමිතය.

මේ අතර ඔස්ට්‍රේලියාවේ සහ නවසීලන්තයේ බලය සහ හැකියාවන් එකට එකතු කරමින් වැඩ කිරීමට මේ හොඳම කාලය බව  නවසීලන්ත විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය Winston Peters පැවසුවේය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now