SKIP TO MAIN CONTENT

නවසීලන්තයේ Whakaari ගිනි කන්ද පුපුරා යාමෙන් ජීවිතක්ෂයට පත්වූ ඔස්ට්‍රේලියනුවන් ගේ සංඛ්‍යාව 10 දක්වා ඉහළට

The official death toll from last week's event at White Island stands at 16, with 10 Australian deaths
Source: Getty Images

1 min read

Published

Updated

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

නවසීලන්තයේ White දූපතේ Whakaari ගිනි කන්ද පුපුරා යාම නිසා ජීවිතක්ෂයට පත්වූ සංඛ්‍යාව 16 ක් බවට වාර්තා වෙයි.

ඉන් දස දෙනෙකුම ඔස්ට්‍රේලියනුවන් බවද සඳහන්.

ඊට අමතරව තුවාල ලැබූ තවත් පිරිසක් රෝහල් ගතව තවමත් ප්‍රතිකාර ලබමින් සිටිති.

මේ අතර පුද්ගලයින් දෙදනෙකු තවමත් අතුරුදන්ව ඇති බවත් ඔවුන් ගිනි කන්ද විදාරණය වීමත් සමග මිය ගොස් ඇති බවටත් නවසීලන්ත බලධාරීහු සැක පළ කරති.

කෙසේවෙතත්, එම සිරුරු දෙක තවමත් තම කණ්ඩායමට සොයාගත නොහැකිවීම පිළිබඳ ඔවුහු සිය කණගාටුව පළ කර සිටිති.

මේ අතර සිද්ධියෙන් දිවි බේරාගෙන මේ වන විට ප්‍රතිකාර ලබන ඔස්ට්‍රේලියානුවන් වෙනුවෙන් නවසීලන්තය සපයන සේවාව සඳහා ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ විදේශ ඇමතිනී Marise Payne, නවසීලන්ත අගමැතිනියට ස්තුතිය පළ කර සිටියාය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now