ඇමෙරිකාවේ ත්‍රස්තවාදී ලැයිස්තුවෙන් කොටි සංවිධානය ඉවත් කරන ලෙස ඇමෙරිකාවේ දෙමළ ඩයස්පෝරාව ඔබාමාගෙන් ඉල්ලයි.

Obama urged to de-list LTTE from US Terrorism List

Source: SBS

ඇමෙරිකාවේ ත්‍රස්තවාදී ලැයිස්තුවෙන් කොටි සංවිධානය ඉවත් කරන ලෙස ඇමෙරිකා එක්සත් ජනපදයේ වෙසෙන දෙමළ ඩයස්පෝරාව ජනාධිපති බැරක් ඔබාමාගෙන් ඉල්ලීමක් කර තිබේ.

කොටි සංවිධානය, ඇමෙරිකානු ත්‍රස්තවාදී ලයිස්තුවේ තිබීම හේතුවෙන් ඇමෙරිකාවේ වෙසෙන බොහෝ දමිළ ජනයා පීඩාවට පත්වන බව දමිළ ඩයස්පෝරාව වෙනුවෙන් එහි විශේෂ නියෝජිතයකු පැවසුවේය.

මේ තත්ත්වය මත ඇමෙරිකාවේ වෙසෙන දමිළ වැසියන් අමෙරිකාවෙන් පිටතට හෝ ඇමෙරිකාව තුළට ගමන් කිරීමේදී පැය ගණනක ප්‍රශ්න  කිරීම් වලට මුහුණ දීමට සිදු වන බවත් එය මහත්වූ පීඩාවක් බවත් ඔහු වැඩි දුරටත් පැවසීය.

මෙම හේතුව නිසා ඇමෙරිකාවේ ත්‍රස්තවාදී ලැයිස්තුවෙන් කොටි සංවිධානය ඉවත් කරන ලෙස ඔබාමා ජනාධිපතිවරයා හට දන්වන්නැයි ඇතැම් ඇමෙරිකානු දමිළ වැසියන් ඉල්ලීමක් සිදු කළ බවද ඔහු පැවසුවේය.

කොටි සංවිධානය ඇමෙරිකානු ත්‍රස්තවාදී ලැයිස්තුවෙන් ඉවත් කර මෙම උත්සව සමයේ දමිළ ජනතාව හට සහනයක් සැලසීමට ඔබාමා ජනාධිපතිවරයා හට හැකි බවද ඔහු පවසයි.

කොටි සංවිධානය දැන් අභාවට ගිය සංවිධානයක් බවත් පසුගිය වසර 7 ඇතුළත කොටි සංවිධානයට සම්බන්ධ කිසිදු ක්‍රියාකාරකමක් වාර්තාවී නොමැති බවත් එසේ හෙයින් තව දුරටත් කොටි සංවිධානය ඇමෙරිකානු ත්‍රස්තවාදී ලැයිස්තුවේ තබා ගැනීම අනවශ්‍ය බවත් ඔහු වැඩි දුර සඳහන් කළේය.


Share

1 min read

Published

By Madhura Seneviratne

Source: The Indian Express



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now