ඔලිම්පික් ක්‍රීඩා ඉතිහාසයේ ඕස්ට්‍රේලියාව නියෝජනය කල වයස්ගතම ක්‍රීඩිකාව බවට පත්වන්නට Mary Hanna පසුගියදා සමත් විය. 61 හැවිරිදි Mary Hanna මෙවර ඔලිම්පික් උළෙලට සහභාගී වන්නේ අශ්වාරෝහක (Equestrian ) ඉසව්වන් සදහායි. තවද Hanna සහභාගී වන පස්වන ඔලිම්පික් තරගාවලියද මෙය වීම සුවිශේෂී කාරණයක්. ඕස්ට්‍රේලියානු ඔලිම්පික් ඉතිහාසය තුල තරගාවලි පහකට සහභාගී වූ තෙවැනි ක්‍රීඩිකාව ලෙසද ඇය වාර්තා අතරට එක වෙයි. 1996 ඇට්ලන්ටා ඔලිම්පික් ක්‍රීඩා උළෙල Mary Hanna සහභාගී වූ පළමු ඔලිම්පික් තරගාවලිය වන අතර , පසුව 2000, 2004 සහ 2012 වසරවල ඔලිම්පික් ක්‍රීඩා උළෙල සදහා ඕස්ට්‍රේලියාව නියෝජනය කරමින් අශ්වාරෝහක (Equestrian ) තරග ඉසව්වන් සදහා සහභාගී වී තිබේ. අශ්වාරෝහක තරග ඉසව්වන් වල dressage, අංශයේ තරග සදහා Hanna මෙවර Rio ඔලිම්පික් උළෙලේදී සහභාගී වන අතර, මුලික වටයේ කණ්ඩායම් තරග නිමාවට පත් වන විට ඕස්ට්‍රේලියාවට 9 වන ස්ථානය හිමි විය. . Hanna සමගින් මෙම ඉසව්වට සහභාගී වූ අනෙකුත් ක්‍රීඩිකාව වන Sue Hearnගේ වයස අවුරුදු 60ක් වන අතර, ඔලිම්පික් උළෙලක් සදහා ඕස්ට්‍රේලියාව නියෝජනය කල දෙවැනි වයස්ගතම ක්‍රීඩිකාව ලෙස ඇයද වාර්තා අතරට එක් වීම විශේෂ සිදුවීමක්. මෙවර Rio ඔලිම්පික් උළෙලට සහභාගී වන වයස්ගතම ක්‍රීඩිකාවද Mary Hanna බව සදහන්. ඔලිම්පික් ඉතිහාසය තුල තරගාවලියකට සහභාගී වී ඇති වයස්ගතම ක්‍රීඩකයා ස්වීඩන් ජාතික වෙඩි තැබීමේ ක්‍රීඩක Oscar Gomer Swahn බව සදහන්. 1920 වසරේ ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සහභාගී වන විට ඔහුගේ වයස අවුරුදු 72 යි දින 281ක් වූ බව සදහන්.
වයස අවුරුදු 51 යි - ඔලිම්පික් උළෙලේදී ලෝකඩ පදක්කමක්

මෙවර ඔලිම්පික් උළෙලේ අශ්වාරෝහක Eventing කණ්ඩායම් ඉසව්වෙන් ලෝකඩ පදක්කම හිමි කරගන්නට ඕස්ට්‍රේලියාව සමත් වූ අතර , එම කණ්ඩායමේ Stuart Tinney දැනට 51 හැවිරිදි වියේ පසුවන අතර, අශ්වාරෝහක ඉසව්වක් ජයගැනීමට වයස බාධාවක් නොවන බව ලොවට පෙන්වන්නට Stuart මෙහිදී සමත් වීම කැපී පෙනෙන සිදුවීමක්. මෙම ඉසව්ව සදහා ඕස්ට්‍රේලියානු කණඩායම නියෝජනය කල ක්‍රීඩකයින් සිව් දෙනාගෙන් එක අයෙක් වයස අවුරුදු 50 ට වැඩි වූ අතර, දෙදෙනෙක් අවුරුදු 40ට වැඩි වීමද විශේෂ කාරණයක්.
Rio ඔලිම්පික් උළෙලේ ලාබාලම ක්‍රීඩිකාවට වයස අවුරුදු 13යි
මෙවර ඔලිම්පික් උළෙලට නේපාලය නියෝජනය කරමින් පිහිනුම් ඉසව්වන් සදහා සහභාගී වන ගව්රිකා සිංග්, Rio ඔලිම්පික් උළෙලට සහභාගී වන ලාබාලම තරගකරු හෝ තරගකාරිය වන බව සදහන්.

