SKIP TO MAIN CONTENT

කොරෝනා නිසා On Arrival වීසා තාවකාලිකව අත්හිටුවීමට ශ්‍රී ලංකා රජය තීරණය කරයි

Sri Lankan airport - Colombo
Sri Lankan airport - Colombo Source: BIA

1 min read

Published

By Dinesha Dilrukshi Wijesuriya


Skip to article content

කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය අවම කිරිමේ අරමුණින් විදේශිකයින් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන On Arrival වීසා පහසුකම නැවත දැනුම් දෙන තුරු අත්හිටුවීමට ශ්‍රී ලංකා රජය තීරණය කොට තිබේ.

ශ්‍රී ලංකා රජය මේ වන විට ඉතාලිය, දකුණු කොරියාව සහ ඉරානය සඳහා සංචාරක තහනම් පනවා තිබේ. කොරෝනා වෛරසය ශ්‍රී ලංකාව තුල පැතිරි යාමේ අවධානම මඟහරවා ගැනීම සඳහා රජය මගින් ගෙන යන නිරෝධාන ක්‍රියාවලිය මෙම රටවල සිට පැමිණෙන ලාංකිකයින්ට පමණක් නොව විදේශිකයින්ටද අදාල බව ශ්‍රී ලංකා රජය නිවේදනය කොට සිටි.

මේ අතර කොරෝනා වෛරසය රට තුලදී වැළදුණු පළමු ශ්‍රී ලාංකිකයා දැනට  මුල්ලේරියාව IDH රෝහලේ ප්‍රතිකාර ලබන බව සෞඛ්‍ය අංශ වාර්තා කොට සිටී.

මෙම පුද්ගලයා සංචාරක මගපෙන්වන්නෙකු ලෙසට කටයුතු කල කොළඹ දිස්ත්‍රික්කයේ පදිංචිකරුවෙක් බව ද වාර්තා වේ. ඔහු සමග ගමන් ගත් ඉතාලි ජාතිකයින් ගමන් කළ ස්ථාන සහ ඔවුන් ඇසුරු කළ පුද්ගලයින් සම්බන්ධයෙන් මේ වන විට තොරතුරු එක්රැස් කරමින් සිටින බව ඊයේ (11 March) පැවති මාධ්‍ය හුමුවකදී  සෞඛ්‍ය අමාත්‍යංශයේ අධ්‍යක්ෂක ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශකොට සිටියේය.

එසේම මෙම පුද්ගලයාගේ නිවැසියන් එම නිවාස තුලදීම නිරෝධායන ක්‍රියාවලියකට යටත් කොට ඇති බවත් , එම පුද්ගලයාගේ අනන්‍යතාව හෙලිකිරීම අවස්තානුකුලව සිදුකල නොහැක්කක් බවත් අනිල් ජාසිංහ මහතා එහිදී වැඩිදුරටත් ප්‍රකාශකොට සිටියේය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now