SKIP TO MAIN CONTENT

පාස්කු නිවාඩු සමයේදී කොරෝනා නීති උල්ලංඝනය කිරීම නිසා ඔස්ට්‍රේලියාව පුරා ඩොලර් මිලියන 1.5 ක දඩ නිකුත් කෙරෙයි

Police melbourne
Police were out in force around the country handing out fines to people not complying with COVID-19 social-distancing rules Source: AAP

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

ඊයේ දිනය (13/04) අවසන් වන විට ඔස්ට්‍රේලියාවේ කොරෝනා මරණ 61 ක් සමග ආසාදිතයින් 6,359 ක් වාර්තා වේ.

ඒ අනුව ගතවූ පැය 24 ඇතුළත සමස්ත ඔස්ට්‍රේලියාවෙන්ම වාර්තා වූ නව ආසාදිතයින් සංඛ්‍යාව 46 කි.

ආසාදනය වූ පිරිසෙන් 3,494 ක් මේ වන විට සුවය ලබා නිවෙස් වලට පිටව ගොස් ඇති බවද වාර්තා වේ.

මේ අතර පාස්කු නිවාඩු සමයේදී කොරෝනා නීති උල්ලංඝනය කිරීම නිසා සමස්ත ඔස්ට්‍රේලියාවේම ඩොලර් මිලියන 1.5 ක පමණ දඩ නිකුත් කර ඇති බවද සඳහන්.

ගතවූ දීර්ග සති අන්තයේදී තම නිවසටම වී සිට කොරෝනා වසංගතයෙන් ජීවිත සුරක්ෂිත කිරීමට සහය ලබා දුන් සියලුම ඔස්ට්‍රේලියානුවාසීන් හට සෞඛ්‍ය අමාත්‍ය Greg Hunt සිය ස්තුතිය පළ කර සිටියේය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now