පසුගිය මැයි 9 වනදා ඕස්ට්‍රේලියානු මධ්‍යම රජය ඉදිරිපත් කල අයවැය තුල තමන්ට එකග විය නොහැකි ඩොලර් බිලියන එකක යෝජිත වැඩසටහන් ඇති බව කම්කරු පක්ෂය පවසයි.
නිවාස මිලදී ගැනීමට Superannution ප්‍රතිපාදන භාවිතයට අවසර ලබාදීම, විශ්වවිද්‍යාල සදහා ලබාදෙන ප්‍රතිපාදන කපා දැමීම සහ උසස් අධ්‍යාපන ණය සදහා සිදුකරන ලද වෙනස් කම් කම්කරු පක්ෂය විරෝධය දක්වන කාරණා අතර ඇති බව වැඩි දුරටත් වාර්තා වෙයි. ලාභ ලැබීමේ අවස්ථාවන් මගහැරී යාමෙන් මෙම අයවැය ව්‍යාකුල තත්වයකට පත්ව ඇතැයි අයවැය පිළිතුරු කතාව පවත්වමින් විපක්ෂ නායක බිල් ශෝර්ටන් මහතාපසුගියදා සදහන් කළේය.
තවද පවුල් අධිකරණය සදහා ඉදිරිපත් කර ඇති සංශෝධන සහ , බැංකු මත නව බද්දක් පැනවීම යන අයවැය යෝජනා සදහා තමන් සහාය දක්වන බව කම්කරු පක්ෂය ප්‍රකාශ කර තිබේ.
සංවර්ධනය සදහා දායකත්වය ලබාදෙන කිසිදු යෝජනාවක් බිල් ශෝර්ටන් මහතාගේ කතාව තුල ඇතුලත් නොවූ බව එය විවේචනය කරමින් ඕස්ට්‍රේලියානු මුල්‍ය කටයුතු අමාත්‍ය, Mathias Cormann පවසයි.

