SKIP TO MAIN CONTENT

ලන්ඩනයේ තවත් ත්‍රස්ත ප්‍රහාරයක්. එක් අයෙකු මරුට, 10 දෙනෙකුට තුවාල.

London Van Attack
Source: SBS

1 min read

Published

Updated

By Madhura Seneviratne

Source: SBS News



Skip to article content

බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර මුස්ලිම් දේවස්ථානයක සිටි ඉස්ලාමීය බැතිමතුන් පිරිසක් වෙත අද බ්‍රිතාන්‍ය වේලාවෙන් (19/06) අළුයම වෑන් රථයක් ධාවනය කිරීමෙන් හදිසි අනතුරක් සිදුවූ බව වාර්තා වේ.

ත්‍රස්ත ක්‍රියාවක් ලෙස හඳුනාගෙන ඇති මෙම අනතුරින් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර ඔහු වෑන් රථය ධාවනය කළ රියදුරා බව වාර්තා වේ.

මෙම සිදුවීම සිදුව ඇත්තේ  එංගලන්තයේ Finsbury Park මුස්ලිම් දේවස්ථානය අසළ වූ අතර එය එංගලන්තයේ පිහිටි විශාලතම මුස්ලිම් දේවස්ථාන වලින් එකකි.

මෙම ප්‍රහාරයේ අරමුණ කුමක් අරඹයා සිදු කළාද යන්න තවමත් පැහැදිලි නොමැති නමුත් මෙය ත්‍රස්ත ක්‍රියාවක් ලෙසින් හඳුන්වා ඇති බව එංගලන්තයේ ත්‍රස්තවාදයට එරෙහි සම්බන්ධීකාරක නිලධාරී Neil Basu පැවසීය.

මෙම සිදුවීමෙන් 10 දෙනෙකු තුවාල ලබා ඇති අතර ඔවුන්ව ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර තිබේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now