SKIP TO MAIN CONTENT

සෑම ඕස්ට්‍රේලියානුවන් පස් දෙනෙකුගෙන් එක් අයෙකු මානසික රෝගයකින් පෙලෙන බව හෙළිවෙයි

Depression and loneliness
Source: SBS

1 min read

Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya

Source: SBS News



Skip to article content

මානසික සෞඛ්‍ය සුභසාදනය සහ සියදිවි නසාගැනීම් වැළක්වීමේ ක්‍රියාමාර්ග සඳහා ඕස්ට්‍රේලියාවට වසරකට ඩොලර් බිලියන 180 ක් වැය වන බව සෞඛ්‍ය පලදායිතා කොමිෂන් සභාවේ නවතම වාර්තාවක් පෙන්වා දෙයි.

මෙම වාර්තාවෙන් පෙන්වාදෙන පරිදි සෑම ඕස්ට්‍රේලියානුවන් පස් දෙනෙකුගෙන් එක් අයෙකු මානසික රෝගයකින් පෙලේ. තවද මෙම වාර්තාව මඟින් මානසික සෞඛ්‍යය හා සියදිවි නසාගැනීම් වැළැක්වීමේ සහ ඉක්මන් මැදිහත්වීමේ ක්‍රියාමාර්ග වැඩිදියුණු කිරීම ඇතුළුව ප්‍රතිසංස්කරණ අංශ පහක් නිර්දේශ කරයි.

 මෙම අංශයේ පූර්ණ පරිමාණයේ වෙනසක් සඳහා බොහෝ කාලයක් ගතවනු ඇති බවත් එහෙත් සියදිවි නසාගැනීමේ උත්සාහයෙන් පසු එම පුද්ගලයින් පිළිබඳව පසු විපරම් කිරීම වැනි ක්ෂණික වෙනස්කම් වහාම ක්‍රියාත්මක කළ හැකි ඒවා බවද සෞඛ්‍ය පලදායිතා කොමිෂන් සභාවේ සභාපති මයිකල් බ්‍රෙනන් පෙන්වා දෙයි.

මානසික සෞඛ්‍ය සහය අවශ්‍ය පුද්ගලයින් හට  13 11 14 යන අංකය ඔස්සේ ලයිෆ්ලයින් සේවය හා සම්බන්ද විය හැකියි.

එසේත් නොමැති නම් 1300 659 467 යන අංකය ඔස්සේ Suicide Call Back සේවා අමතා උපකාර ලබාගත හැකියි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now