පක්ෂයේ මැතිවරණ අපේක්ෂකයින් සහ කාර්යය මණ්ඩලයට තර්ජනය කිරීම් සහ මුල්‍යමය පීඩාවන් එල්ල කරන බවට Pauline Hanson ගේ One Nation පක්ෂයට චෝදනා එල්ල වී තිබේ.
පක්ෂයේ ඇතුළත පුද්ගලයින්, අපේක්ෂකයින් සහ දීර්ඝ කාලීන පක්ෂයට හිතැති පුද්ගලයින් මේ බව ABC Four Corners වැඩසටහනට හෙළි කර තිබේ.
ඔවුන්ව One Nation පක්ෂයේ නායිකා Pauline Hanson විසින් ඉවත දමා ඇති බවත් පරාජයට පත්වූ පිරිස් හට පක්ෂයේ අඩු සැලකිලි ලැබෙන බවත් ඔවුන් හෙලිව්දරව් කර ඇත.
මේ අතර Pauline Hanson ගේ කාර්යය මණ්ඩල ප්‍රධානී James Ashby, පක්ෂ සාමාජිකයින් හා අපේක්ෂකයින් හට තර්ජනය කරන බවද හිටපු One Nation පක්ෂ සාමාජිකයෙකු පැවසීය.
පක්ෂයේ යම් යම් දේවලට විරුද්ධත්වය පෑ විට පක්ෂ රැස්වීම් වලට හෝ මාධ්‍ය වෙත කතා කිරීමට තමන් හට අවස්ථාවක් ලබා නොදුන් බවද ඔහු ප්‍රකාශ කළේය.
One Nation පක්ෂය තුළ Pauline Hanson ගේ ඒකාධිපතිවාදය පිළිබඳ ඔවුන් දිගින් දිගටම එම වැඩසටහනෙන් කරුණු හෙළිදරව් කළේය.

