SKIP TO MAIN CONTENT

ශ්‍රී ලංකාවේ අවසාන බලාපොරොත්තුව අදයි.

One-off T20, Sri Lanka’s last hope.
Source: AFP

2 min read

Published

By Madhura Seneviratne

Source: espncricinfo



Skip to article content

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන එකම 20-20 තරගය ඔස්ට්‍රේලියානු නැගෙනහිර සම්මත වේලාවෙන් අද (06/09) රාත්‍රී 11.30 ට ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී ආරම්භ වීමට නියමිතය.

අද පැවැත්වෙන තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් රැසක් දැකගත හැකි වනු ඇතැයි වාර්තා වන අතර තුන් ඉරියව් ක්‍රීඩකයන් වන සීකුගේ ප්‍රසන්න සහ දසුන් ශානක සංචිතයට කැඳවා තිබීම විශේෂ කරුණකි.

කෙසේ වුවත් ඔවුන් දෙදෙනාම අද තරගයට සහභාගි වන්නේ දැයි යන්න තවමත් ස්ථීර වශයෙන් ප්‍රකාශයට පත් කර නොමැති අතර දසුන් ශානක හෝ තිසර පෙරේරා අතරින් එක් අයෙක්ද, සීකුගේ ප්‍රසන්න සහ වනිඳු හසරංග අතරින් එක් අයෙක්ද අද තරගයට ක්‍රීඩා කිරීමට වැඩි ඉඩක් පවතින බව සඳහන්.  

මීට අමතරව ආබාධයකට ලක්ව සිට ඉන් සුවය ලබා ජෙෆ්රි වැන්ඩසේ ද නැවත සංචිතයට පැමිණ තිබේ.

උපුල් තරංග 20-20 ශ්‍රී ලංකා කණ්ඩායමේ ස්ථිර නායකයා බවට පත්වීමෙන් පසුව ශ්‍රී ලංකාව සහභාගි වන පළමු තරගය මෙය වන අතර හෙට තරගයේදී ඔහු, නිරෝෂන් දික්වැල්ල සමග ශ්‍රී ලංකා ඉනිම ඇරඹීමට වැඩි ඉඩක් ඇති බව වාර්තා වේ.

මේ අතර ඉන්දීය කණ්ඩායමේ නිත්‍ය ආරම්භක පිතිකරු ශිකාර් ධවාන් එක්දින තරගාවලිය අතරතුර පෞද්ගලික හේතුවක් මත ආපසු ඉන්දියාවට ගොස් ඇති අතර අද  තරගයේදී රෝහිත් ශර්මා සමග අජින්ක්‍යා රහනේ හෝ ලෝකේෂ් රාහුල් ඉන්දීය ඉනිම ඇඹීමට නියමිත බව වාර්තා වේ.

දෙරට අතර මේ දක්වා විස්සයි20 ක්‍රිකට් තරග 10 ක් පවත්වා ඇති අතර ඉන් තරග 6 ක ජය ඉන්දියාවටද, තරග 4 ක ජය ශ්‍රී ලංකාවටද හිමිවී තිබේ. 


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now