SBS සිංහල ගුවන් විදුලියේ විධායක නිෂ්පාදක තනතුර සඳහා අවස්ථාවක්

සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇසෙන ඕස්ට්‍රේලියානු මධ්‍යම රජයට අනුබද්ධිත ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ආයතනයක් වන SBS ගුවන් විදුලියේ සිංහල භාෂා වැඩසටහනේ විධායක නිෂ්පාදක (Executive Producer - Sinhala) ලෙස කටයුතු කිරීමට අවස්ථාව දැන් විවෘත වී තිබේ.

SBS Audio in Studio

Credit: SBS / ALC

ඔස්ට්‍රේලියාවේ ප්‍රධානතම රාජ්‍ය මාධ්‍ය ආයතනයක් වන SBS ගුවන් විදුලියේ සිංහල අංශයේ විධායක නිෂ්පාදක (Executive Producer - Sinhala) ලෙස කටයුතු කිරීමට දැන් ඔබට අවස්ථාවක් උදාවී තිබේ.

ගුවන් විදුලි වැඩසටහන් මෙන්ම ඩිජිටල් මාධ්‍ය ඔස්සේද වැඩ කටයුතු කිරීමට මේ මගින් ඔබට අවස්ථාව හිමිවේ.

SBS සිංහල - විධායක නිෂ්පාදක තනතුර (Executive Producer - Sinhala)

මෙල්බර්න් හෝ සිඩ්නි හි සිට SBS ගුවන් විදුලියේ සිංහල භාෂා වැඩසටහනේ විධායක නිෂ්පාදක (Executive Producer - Sinhala) ලෙස කටයුතු කිරීමට ඔබට අවස්ථාව ලැබේ.

වැඩසටහන් කළමනාකරු හට වාර්තා කරමින් සිංහල භාෂා කණ්ඩායම සඳහා කතුවැකි, උපාය මාර්ග ලබාදීම ඇතුළුව කණ්ඩායම් කළමනාකරණය, නිෂ්පාදනය අධීක්ෂණය කිරීම සහ සුවිශේෂී හා නව්‍ය බහු-වේදිකා අන්තර්ගතයන් ලබා දීම මෙම තනතුරේ වගකීමයි

මෙය පුර්ණ කාලීන තනතුරකි.

අයදුම් කිරීමට තිබිය යුතු සුදුසුකම්:

ඔබට මීට පෙර ප්‍රවෘත්ති සහ කාලීන තොරතුරු නිෂ්පාදනය හා ඉදිරිපත් කිරීම ඇතුළු ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ අත්දැකීම් තිබිය යුතු වේ.

සිංහල මෙන්ම ඉංග්‍රීසි භාෂාවේ ප්‍රවීණත්වය. (මෙහි සම්මුඛ පරීක්ෂණ ක්‍රියාවලියේදී ඔබට භාෂා පරීක්ෂණයකට මුහුණ දීමටද සිදුවේ)

ඕස්ට්‍රේලියාවේ වෙසෙන සිංහල භාෂාව කතා කරන ප්‍රජාව පිළිබඳ හොඳ අවබෝධයක් තිබීම.

ගුවන් විදුලි සහ ඩිජිටල් මාධ්‍ය සඳහා පුවත් සහ තොරතුරු පර්යේෂණය කිරීම, ලිවීම, පරිවර්තනය කිරීම, නිෂ්පාදනය කිරීම සහ ඉදිරිපත් කිරීම.

පීඩනයක් යටතේ කටයුතු කිරීමට, නිශ්චිත කාලසීමාවන් සපුරාලීමට සහ ගැටළු විසඳීමට ඇති හැකියාව අනිවාර්ය වේ.

ලිඛිත හා වාචික සන්නිවේදනය පිළිබඳව ඇති කුසලතාවය.

Microsoft Word, Excel සහ email ඇතුළුව මූලික පරිගණක කුසලතාවයක් තිබිය යුතු වේ.

අන්තර්ජාල මාධ්‍ය සහ සමාජ මාධ්‍ය පිළිබඳ මනා දැනීමක් තිබීම සහ ඒවායේ හැසිරීම පිළිබඳ මනා අවබෝධයක් තිබීම. (SEO සහ CMS පිළිබඳ දැන සිටීම අමතර සුදුසුකමකි)

Facebook, Twitter සහ Instagram මෙහෙයවීමේ වෘත්තීය පළපුරුද්ද සහ අවබෝධය.

අයදුම් කිරීම

SBS සිංහල වැඩසටහනේ මෙම විධායක නිෂ්පාදක (Executive Producer - Sinhala) තනතුර සඳහා දැන් ඔබට SBS Careers ඔස්සේ අයදුම් කළ හැකියි.

** මේ සඳහා අයදුම් කල හැක්කේ ඔස්ට්‍රේලියාව් දැනට මෙල්බර්න් හෝ සිඩ්නි යන නගර ආශ්‍රිතව ජීවත්වන අයට පමණක් බව කරුණාවෙන් සලකන්න.**

______________________________________________________

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන් දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න


Share

2 min read

Published

Updated

By Nipuna Dodangoda

Source: SBS


Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now