SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තුව සතියකින් කල් දැමීම පිළිබද විපක්ෂයෙන් රජයට චෝදනා.

parliament delay
Source: SBS

1 min read

Published

Updated

By Madhura Seneviratne



Skip to article content

ඔස්ට්‍රේලියාව තුළ සමලිංගික විවාහ නීතිගත කිරීමේ යෝජිත පනත සෙනට් සභාවේ සම්මත වීමට කාලය ලබා දෙමින් ඔස්ට්‍රේලියාවේ පහළ මන්ත්‍රණ සභාව රැස්වීම සතියකින් කල් දැමීමට ලිබරල් සන්ධාන රජය තීරණය කර තිබේ.

ඒ අනුව ලබන සඳුදා ආරම්භ වීමට තිබූ පහළ මන්ත්‍රණ සභාවේ මීළඟ සැසි වාරය ලබන දෙසැම්බර් 04 වන දින ආරම්භ කිරීමට රජය තීරණය කර ඇත.

එළඹෙන නොවැම්බර් 30 වන දා තෙක් සමලිංගික විවාහ නීතිගත කිරීමේ යෝජිත පනත පිළිබඳ සෙනට් සභාවේ විවාදය ක්‍රියාත්මක වේවි යැයි රජය අපේක්ෂා කරයි.

සමලිංගික විවාහ නීතිගත කිරීම සහ ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය පිළිබඳ ගැටළු ද්විත්වය මේ වසර අවසානයට පෙර විසඳා අවසන් තීන්දුව ප්‍රකාශයට පත් කිරීම බොහෝ ජනතාවගේ අපේක්ෂාව වී ඇතැයි ඔස්ට්‍රේලියාවේ පහළ මන්ත්‍රණ සභාවේ සභා නායක Christopher Pyne  පැවසීය.

මේ අතර මෙලෙස පාර්ලිමේන්තුව කල් දැමීම අගමැති ටර්න්බුල්ගේ බියසුළු ක්‍රියාවක් බව විපක්ෂ නායක Bill Shorten පැවසීය.

මෙය ඔස්ට්‍රේලියාවේ ප්‍රජාතන්ත්‍රවාදයට බලාපාන බවත් පාර්ලිමේන්තුව කල් නොදමා සුපුරුදු දිනයේදී නැවත සැසි වාරය ආරම්භ කරන ලෙසත් විපක්ෂා නායකවරයා ඉල්ලා සිටියි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now