ඕස්ට්‍රේලියානු අදායම් බදු කාර්යාලයට රජය විසින් සිදු කර ඇති කප්පාදු කිරීම් හේතුවෙන් ඔවුන්ගේ කාර්යය නිසිලෙස ඉටු කිරීමට නොහැකි වී ඇතැයි විපක්ෂ නායක බිල් ශෝර්ටන් පවසයි. මේ පිලිබදව තමන් පාර්ලිමේන්තුව තුල, මැයි මාසයේ පාර්ලිමේන්තුව රැස් වූ විට සාකච්චා කිරීමට බලාපොරොත්තු වන බවද විපක්ෂ නායකවරයා වැඩි දුරටත් සදහන් කරයි. අඩු සම්පත් ප්‍රමාණයක් සපයමින්, වැඩි වැඩ කොටසක් කිරීම සදහා ඕස්ට්‍රේලියානු බදු කාර්යාලයේ සේවකයින්ට පීඩනයක් එල්ල වී ඇති බවද විපක්ෂ නායක බිල් ශෝර්ටන් වැඩි දුරටත් සදහන් කරයි.
ඕස්ට්‍රේලියානු අදායම් බදු කාර්යාලයේ කප්පාදු කිරීම් පිලිබදව විපක්ෂයෙන් චෝදනා (SBS සිංහල / වාර්තා )

1 min read
Published
By Sanjaya Dissanayake
Source: SBS
Skip to article content
Share this with family and friends
Share
