SKIP TO MAIN CONTENT

ඊජිප්තු හිටපු ජනපති උසාවියේදී සිහි විසඥවී ඇදවැටීමෙන් ජිවිතක්ෂයට පත්වෙයි

Ousted former Egyptian Islamist president Mohamed Morsi
Ousted former Egyptian Islamist president Mohamed Morsi Source: SBS Sinhala

1 min read

Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya



Skip to article content

බලයෙන් පහකෙරුණු ඊජිප්තු හිටපු ජනාධිපති මොහොමඩ් මෝසි ඊයේ සවස පැවති තම නඩුවාරය අතරතුරදී උසාවිය තුල සිහි විසඥ වී ඇදවැටීමෙන් ජිවිතක්ෂයට පත්ව තිබේ.

ඉජිප්තුවෙහි ප්‍රජාතන්ත්‍රවාදිව බලයට පත්වුණු ප්‍රථම ජනාධිපතිවරයාද වන්නේ අභාවප්ප්‍රාප්ත හිටපු ජනාධිපති මොහොමඩ් මෝසි මහතායි.

වසර 2013 දී ඔහුගේ පාලනයට විරුද්ධව ජනතාව වීදි බැස සිදුකල උද්ඝෝෂණයෙන් අනතුරුව ඊජිප්තු හමුදාව විසින් පාලන බලය අත්පත් කරගන්නා ලදී. එහිදී රාජ්‍ය බලය අල්ලාගැනීමට ඊජිප්තු හමුදාව මෙහෙයවූ ජෙනරාල් අබ්දුල් ෆටා අල් සිසී ඊජිප්තුවේ නායකයා ලෙසට පත්විය.

හිටපු ජනාධිපති මොහොමඩ් මෝසි අභාවප්ප්‍රාප්ත වන විට 67 වැනි වියෙහි පසුවිය. ඔහු ඊජිප්තුවේ ප්‍රභල ක්‍රියාකාරිත්වයක් වන සුනි සම්භවයක් ඇති මුස්ලිම් බ්‍රදර්හුඩ් සංවිධානයේ ප්‍රභල අනුප්‍රාප්තිකයෙකි. ඔහුට බලයෙන් ඉවත්වන ලෙසට සිදුවුණු ජනතා උද්ඝෝෂණයෙන් අනතුරුව හිටපු ජනපති මෝසි වත්මන් ඊජිප්තු නායක අල් සිසී ගේ පාලනය විසින් අත්අඩංගුවට ගත අතර ඔහුට විරුද්ධව නඩු පවරන ලදී. ඒ අතර ඉරානය, කටාරය වැනි රාජ්‍ය වලද , ගාසා තිරයේ ක්‍රියාත්මක හමාස් සංවිධානයේ ද ඔත්තු බැලීම සහ චරපුරුෂ සේවා ක්‍රියාත්මක කිරීම ඔහුට එරෙහිව පනවා ඇති නඩු වලට අදාලව ගොනු වී ඇති චෝදනායි.

 

Source : SBS සිංහල සේවය / SBS ප්‍රවෘති අංශය


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now