ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික රැකියා ලයිස්තුවේ රැකියා 52ක් ඉවත්වන ලකුණු (SBS/වාර්තා)

ඔස්ට්‍රේලියානු සංක්‍රමණික රැකියා ලැයිස්තුවේ සංයුතිය පිළිබඳ ආගමන විගමන අමාත්‍යංශයට උපදෙස් ලබා දෙන්නේ ඔස්ට්‍රේලියානු අධ්‍යාපන සහ පුහුණු දෙපාර්තමේන්තුවයි. දේශීය රැකියා වෙළෙඳ පොළේ අදාළ රැකියා සඳහා අතිරේක සැපයුමක් තිබීමද මෙසේ SOL ලැයිස්තුවෙන් රැකියා ඉවත්වීමට බලපාන එක් ප්‍රධාන හේතුවකි.

Australian Visa

Source: Wikipedia

ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික රැකියා ලැයිස්තුවෙන් (Australia’s Skilled Occupation List -SOL) රැකියා 52ක් පමණ ඉවත් කිරීමේ සම්භාවිතාවක් පවතින බව වාර්තා වේ. මෙම ලයිස්තුවේ මූලික අරමුණ වන්නේ ඔස්ට්‍රේලියානු ආර්ථිකය සංවර්ධනයට මාධ්‍ය කාලීන සහ දීර්ඝ කාලීන ලෙස දායකත්වයක් සැපයිය හැකි මානව සම්පත් ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වීම දිරි ගැන්වීමයි.

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තීයවේදීන්, ඉංජිනේරුවන්, බදු ගණකාධිකාරිවරුන්, අධිනීතිඥවරුන් සහ සොලිසිටර්වරුන් සම්බන්ධ රැකියා ඇතුළු රැකියා 52ක් මෙසේ ඉවත්වීමේ  අවධානමක පවතින බව වාර්තා වේ.

පවුලේ වෛද්‍යවරුන් (GPs), ශල්‍ය වෛද්‍යවරුන්, නිර්වින්දකයන් ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ රැකියා 41ක් ඉවත් කිරීමට ෆෙඩරල් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව ආගමන විගමන අමාත්‍යංශයට  බල කරමින් සිටින බවද වාර්තා වේ. ඔස්ට්‍රේලියාව තුළ සෞඛ්‍ය අධ්‍යාපනය ලබන පිරිසට මෙම පුරප්පාඩු පිරවීමට හැකියාව ඇති බවද එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර ඇත.

ඔස්ට්‍රේලියානු සංක්‍රමණික රැකියාලැයිස්තුවේසංයුතියපිළිබඳ ආගමනවිගමනඅමාත්‍යංශයට උපදෙස් ලබා දෙන්නේ ඔස්ට්‍රේලියානු අධ්‍යාපන සහපුහුණුදෙපාර්තමේන්තුවයි.

දේශීය රැකියා වෙළෙඳ පොළේ අදාළ රැකියා සඳහා අතිරේක සැපයුමක් තිබීමද මෙසේ SOL ලැයිස්තුවෙන් රැකියා ඉවත්වීමට බලපාන එක් ප්‍රධාන හේතුවකි.

 

ඉවත්වීමේ සම්භාවිතාවක් ඇති රැකියා පහත පරිදි වෙයි.

Flagged SOL
Flagged SOL Source: SBS
Flagged SOL
Flagged SOL Source: SBS
Flagged SOL
Flagged SOL Source: SBS

 


1 min read

Published

Updated

By Madhura Seneviratne

Source: SBS News



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now