SKIP TO MAIN CONTENT

පැනමා ලියවිලි වලට වරදකරු වී පාකිස්තාන අගමැති නවාස් ෂෙරීෆ්ට අගමැතිකම අහිමි වෙයි.

Pakistan court disqualifies Prime Minister Nawaz Sharif
Source: SBS

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News



Skip to article content

පාකිස්තානයේ අග්‍රාමාත්‍ය නවාස් ෂෙරීෆ් දූෂණ චෝදනා සඳහා වැරදිකරු වීම හේතුවෙන් මීට ස්වල්ප වෙලාවකට පෙර අගමැති ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වේ.

ඉකුත් සමයේ මහත් ආන්දෝලනයකට තුඩුදුන් පැනමා ලියවිලි සම්බන්ධව නවාස් ෂෙරීෆ් ගේ නමද සම්බන්ධව තිබු බැවින් එරට පොලීසිය ඒ පිළිබඳ විමර්ශනයක් ආරම්භ කර තිබුණි.

කෙසේවෙතත්, එසේ එල්ලවූ දූෂණ චෝදනා සඳහා වරදකරු කරමින් පාකිස්තාන අගමැති නවාස් ෂරීෆ් රාජ්‍ය තනතුරක් දැරීමට නුසුදුස්සකු යැයි එරට ශ්‍රේෂ්ඨාධිකරණය අද (28/07) තීන්දු කළේය.

මතභේදාත්මක දේශපාලන දිවියකට හිමිකම් කියන නවාස් ෂරීෆ්ට ධුර කාලය අවසන් නොකරමින් අග්‍රාමත්‍ය ධුරයෙන් ඉවත් වීමට සිදු වූ තෙවැනි අවස්ථාව මෙය බවද වාර්තා වේ. 

මෙය ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් 5 දෙනෙකුගේ ඒකමතික තීන්දුවක බවද සඳහන්.

තීන්දුව ප්‍රකාශට පත් කළ අවස්ථාවේදී විපක්ෂ කණ්ඩායම් වීදිවලට පැමිණ සටන් පාඨ කියමින් ජයඝෝෂා නැගූ බව ද වාර්තා විය. 

මේ අතර පාකිස්තානයේ අගනුවරට පොලිස් භටයින් දහස් ගණනක් අනියුක්ත කොට ආරක්ෂාව තර කර තිබෙන බවද වාර්තා වේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now