බංග්ලාදේශය පරාජයට පත් කරමින් පකිස්ථානයට ලකුණු 55ක ජයක්

2016 විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානය යටතේ ඊයේ පැවැති තරග වල ජය වාර්තා කරන්නට පකිස්ථානය සහ බටහිර ඉන්දීය කොදෙව් දේශය සමත් විය.

Pakistan cricket team

Pakistan's players led by captain Shahid Afridi (3L) celebrate after World T20 cricket tournament match between Pakistan and Bangladesh Source: Getty Images

පාකිස්ථානය  ක්‍රිකට් නායක සහිඩ් අෆ්රිඩි තරගාවලියට පෙර ඉන්දීය ප්‍රේක්ෂකයින් පිළිබද සිදු කල ප්‍රකාශය මතභේදයට තුඩු දුන් අතර, ඊට තම පිත්තෙන් පිළිතුරු ලබාදෙමින් පන්දු 19කදී ලකුණු 49ක් වාර්තා කරමින් පකිස්ථානය ජයග්‍රහණය කරා  මෙහයවන්නට ඔහුට ඊයේ හැකිවිය.

කල්කටා හි ඊඩ්න් ගාර්ඩන් ක්‍රීඩාංගනයේදී ඊයේ පවතී තරගෙය් කාසියේ වාසිය පාකිස්ථානය හිමිකරගත් අතර ඒ අනුව ඔවුන් මුලින්ම පන්දුවට පහර දීමට තීරණය කළේය. අහමෙඩ් ශේෂාද් වාර්තාකළ ලකුණු 52 සහ මොහොමඩ් හෆීස්  වාර්තා කල ලකුණු 64 සමගින් පකිස්ථානය නියමිත පන්දුවාර 20 අවසානයේ කදුළු පහක් දැවී ලකුණු 201 වාර්තා කරන්නට සමත් විය. බංග්ලාදේශ පන්දු යවන්නන්ගේ දුර්වල පන්දු යැවීම හමුවේ ලකුණු 201ක් වැනි විශාල ලකුණු ප්‍රමාණයක් ලකුණු පුවරුවට එක කරන්නට පාකිස්ථානයට හැකි වූ අතර, ඊට පිළිතුරු වශයෙන් බංග්ලාදේශ පිති කරුවන්ට පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී වාර්තා කල හැකි වුයේ ලකුණු 146ක් පමණි. ඊයේ දිනයේදී තම නායකත්වයේ වගකීම අකුරටම ඉටු කරමින් ලකුණු 27 කට කඩුලු 2ක් දවා ගත්  සහිඩ් අෆ්රිඩි තරගයේ වීරයා ලෙසද සම්මාන හිමිකරගන්නට සමත් විය.


1 min read

Published

Updated



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now