SKIP TO MAIN CONTENT

එංගලන්තය පරදා පාකිස්තානය ICC ශූරයින්ගේ තරගාවලියේ අවසාන මහා තරගයට.

ICC Champions Trophy 2017
Source: espncricinfo

1 min read

Published

By Madhura Seneviratne

Source: espncricinfo



Skip to article content

ICC ශූරයින්ගේ කුසලාන තරගාවලියේ එංගලන්තය සහ පාකිස්තානය අතර ඊයේ (14/06) පැවති ප්‍රථම අවසන් පූර්ව තරගයෙන් පාකිස්තානය කඩුලු 8 ක විශිෂ්ඨ ජයක් ලබා අවසාන මහා තරගයට සුදුසුකම් ලැබීය.

කාසියේ වාසිය දිනු පාකිස්තානු කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට  පහර දීමට එංගලන්ත කණ්ඩායමට ආරාධනා කළේය.

පකිස්තානයේ දක්ෂ පන්දු යැවීම හමුවේ පන්දුවාර 49 යි පන්දු 5 කදී  එංගලන්ත කණ්ඩායමට ලබා ගැනීමට හැකිවුයේ ලකුණු 211 ක් පමණි.

ජයග්‍රාහී ලකුණු 212 ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි පාකිස්තාන කණ්ඩායම පන්දුවාර 37 යි එක් පන්දුවකදී කඩුලු 2 ක් පමණක් දැවී ලකුණු 215 ක් රැස් කරමින් තරගයේ ජය සනිටුහන් කළේය.

පාකිස්තානය වෙනුවෙන්  අසාර් අලී ලකුණු 76 ක්ද ෆකාර් සාමන් ලකුණු 57 ක්ද ලබා ගත්තෝය.

තරගයේ වීරයා සම්මානය කදුළු 3ක් දවා ගත්  පාකිස්තාන කණ්ඩායමේ පන්දු යවන ක්‍රීඩක හසන් අලී හට හිමි විය.

මේ අනුව පාකිස්තානය එළඹෙන ජුනි 18 වන දින පැවැත්වෙන ICC ශූරයින්ගේ කුසලාන තරගාවලියේ අවසාන මහා තරගයට තරග වදිනු ඇත.

තරගාවලියේ  දෙවැනි අවසන් පූර්ව තරගය අද (15/06) ඉන්දියාව සහ බංග්ලාදේශය අතර ඕස්ට්‍රේලියානු නැගෙනහිර සම්මත වේලාවෙන් රාත්‍රී 7.30 ට ආරම්භ වේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now