SKIP TO MAIN CONTENT

ඉන්දියාවට අන්ත පරාජයක් ගෙන දෙමින් පාකිස්තානය ශූරයින්ගේ කුසලානය හිමි කරගනියි.

India v Pakistan - ICC Champions Trophy Final
during the ICC Champions Trophy Final between India and Pakistan at The Kia Oval on June 18, 2017 in London, England. Source: Getty Images Europe

1 min read

Published

By Madhura Seneviratne

Source: espncricinfo



Skip to article content

ICC ශූරයින්ගේ කුසලාන තරගාවලියේ ඊයේ (18/06) පැවති අවසන් මහා තරගයෙන් ඉන්දියාව පරදා පාකිස්තානය ලකුණු 180 ක විශිෂ්ඨ ජයක් අත් කරගැනීමට සමත් විය.

කාසියේ වාසිය දිනූ ඉන්දීය කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට පාකිස්තාන කණ්ඩායමට ආරාධනා කල අතර පාකිස්තානය නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 4 කට ලකුණු 338 ක් ලබා ගත්තේය.

පාකිස්තාන කණ්ඩායමේ ආරම්භක පිතිකරු දෙපල වේගවත් සහ ස්ථාවර ආරම්භයක් ලබා දුන් අතර ලකුණු 59 ක් ලබා තිබියදී අසාර් අලී ප්‍රථම කඩුල්ල ලෙස දැවී ගියේය.

ආරම්භක පිතිකරු ෆකාර් සමාන් පන්දු 106 කදී වේගවත් ලකුණු 114 ක් රැස් කරමින් පාකිස්තානු ඉනිම ශක්තිමත් කළේය.

එම ශතකය ෆකාර් සමාන් ගේ මංගල ශතකය ලෙසද වාර්තා වේ.

ජයග්‍රාහී ලකුණු 339 ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායමට පන්දුවාර 30 යි පන්දු තුනකදී සියලු දෙනා දැවී ලබා ගත හැකිවුයේ ලකුණු 158 ක් පමණි.

රෝහිත ශර්මා ලකුණු 0 යි, විරාත් කෝලි ලකුණු 5යි, මහ්න්ද්‍ර සිං දෝනි ලකුණු 4යි.

තරගයේ වීරයා සම්මානය පාකිස්තානයේ ෆකාර් සමාන් හට හිමි විය.

පාකිස්තාන කණ්ඩායම ICC ශූරයින්ගේ කුසලානයක් දිනාගත් ප්‍රථම අවස්ථාවද මෙයවේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now