වසර 31 කට පසුව MCG ක්‍රීඩාංගනයේදී පාකිස්තානය, ඔස්ට්‍රේලියාව පරාජය කරයි.

Pakistan won a cricket match against Australia after 31 years in MCG

Source: espncricinfo

සංචාරක පාකිස්තාන කණ්ඩායම සහ ඔස්ට්‍රේලියාව අතර ඊයේ (15/01) මෙල්බන් ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවති දෙවන එක් දින තරගයෙන් කඩුලු 6 ක විශිෂ්ඨ ජයක් අත් කරගැනීමට පාකිස්තාන කණ්ඩායම සමත් විය.

කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියානු කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළ අතර පන්දුවාර 48 යි පන්දු දෙකක් තුළ සියලු දෙනා දැවී ලබා ගත හැකිවුයේ ලකුණු 220 ක් පමණි.

ඔස්ට්‍රේලියාව වෙනුවෙන් නායක ස්ටීවන් ස්මිත් ලකුණු 60 ක් ලබා ගත්තේය.

ඒ අනුව පාකිස්තාන කණ්ඩායම කඩුලු 4ක් පමණක් දැවී පන්දුවාර 47 යි පන්දු 4ක් තුළ ලකුණු 221 ක් ලබා ජය සටහන් කළේය.

පාකිස්තාන කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ Mohammad Hafeez  ලකුණු 72 ක් ලබාගත් අතර තරගයේ වීරයා සම්මානයටද හිමිකම් කීවේය.

මෙල්බන් ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පාකිස්තාන කණ්ඩායම, ඔස්ට්‍රේලියානු කණ්ඩායම පරාජයට පත් කරනු ලැබුවේ වසර 31 කට පසුව වීමද මෙම ජයග්‍රහණයේ විශේෂත්වයකි.

මීට අමතරව 2005 ජනවාරි මාසයෙන් (වසර 12 කින්) පසුව පාකිස්තානු කණ්ඩායමක් ඔස්ට්‍රේලියාව තුළ, ඔස්ට්‍රේලියාව ක්‍රිකට් තරගයකදී පරාජයට පත් කළ පළමු අවස්ථාවද මෙය බව සඳහන්.

දෙරට අතර පැවැත්වෙන මීළඟ එක් දින තරගය ලබන ජනවාරි 19 වන දින බටහිර ඔස්ට්‍රේලියාවේ WACA ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතය.


Share

1 min read

Published

Updated

By Madhura Seneviratne

Source: espncricinfo



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now