SKIP TO MAIN CONTENT

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පාකිස්තානයට ගොස් වසර 27 කට පසුව තම භූමියේදී ශ්‍රී ලංකාවට එරෙහිව ටෙස්ට් ජයක් ලබාගැනීමට පකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමට ඉඩ සලසයි

Pakistan beat Sri Lanka in Karachi
Source: Facebook

1 min read

Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya


Skip to article content

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පකිස්ථාන කණ්ඩායම අතර පවත්වනු ලැබූ තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියෙන්, පාකිස්තානය 1- 0ක් ලෙස ජය වාර්තා කරයි.

කරච්චි ජාතික ක්‍රීඩාංගණයේ ඊයේ නිමාවූ දෙවැනි ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකාවට එරෙහිව ලකුණු 263 ක විශිෂ්ට ජයක් ලබා ගැනීමට පාකිස්තානය සමත් විය.

ඒ අනුව පකිස්ථාන භූමියේදී ශ්‍රී ලංකාවට එරෙහිව වසර 27 කට පසුව ලබාගත් ටෙස්ට් ජයග්‍රහණයක් ලෙසට මෙය පකිස්ථාන ක්‍රිකට් ඉතිහාසයට එක්වෙයි.

දෙවන ටෙස්ට් තරඟයේ පළමු ඉනිම සඳහා පාකිස්තානය ලකුණු 191ක් ලබාගත් අතර ශ්‍රී ලංකා පිතිකරුවන් සියලු දෙනාම පළමු ඉනිමේ දී ලකුණු 271කට දැවී ගොස් ලකුණු 80ක් ඉදිරියෙන් සිටියේය.

එහෙත් පාකිස්තානය දෙවැනි ඉනිමේ දී ලකුණු ලබාගැනීම අතින් වඩාත් ස්ථාවර වී කඩුලු 3ක් දැවී ලකුණු 555ක් ලබා ඉනිම අත්හිටුවිය.

දෙවැනි ඉනිම සඳහා ලකුණු 476ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට ලබාගත හැකිවුයේ කඩුළු 7කට ලකුණු 212 ක් පමණි.

දෙවැනි ඉනිමේදී ඕෂධ ප්‍රනාන්දු ලකුණු 102 ක් සහ නිරෝෂන් දික්වැල්ල ලකුණු 65ක් ලබාගත්හ.

ඒ අනුව කරච්චි ජාතික ක්‍රීඩාංගණයේ ඊයේ නිමාවූ දෙවැනි ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකාවට එරෙහිව ලකුණු 263 ක විශිෂ්ට ජයක් ලබා ගැනීමට පාකිස්තානය සමත් විය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now