SKIP TO MAIN CONTENT

රවීගේ විශ්වාසභංගය පිළිබඳ පක්ෂ නායකයින්ගේ තීන්දුව අද.

Party leaders will discuss about Ravi’s No - Confident Motion today
Source: Daily Mirror

1 min read

Published

By Madhura Seneviratne

Source: Daily Mirror



Skip to article content

ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ සහ විදේශ ඇමති රවි කරුණානායක යන මහත්වරු අතර විශේෂ හමුවක් ඊයේ (09/08) දහවල් ශ්‍රී ලංකා ජනාධිපති කාර්යාලයේදී පැවති බව Daily Mirror පුවත්පත වාර්තා කරයි.

පැයකට ආසන්න කාලයක් මෙම විශේෂ හමුව පවත්වා ඇති බවත් ඊයේ පැවති කැබිනට් මණ්ඩල රැස්වීමෙන් පසුව  මෙම සාකච්ඡා පවත්වා ඇති බවත් සඳහන්.

මේ අතර විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතාට එරෙහිව ඉදිරිපත්ව ඇති විශ්වාසභංගය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයින් අද (10/08) දිනයේ දී තීරණයකට එළඹීමට නියමිත බවද  වාර්තා වේ.

ඊයේ පැවති කැබිනට් රැස්වීම සඳහා රවී කරුණානායක අමාත්‍යවරයා පැමිණ නොසිටි බවද සඳහන් වෙයි.

කෙසේ වෙතත් කැබිනට් මණ්ඩලය රැස්වීමට පෙර ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන අමාත්‍යවරු අගමැතිවරයා හමුවී අමාත්‍ය රවී කරුණානායක මහතාට එරෙහි විශ්වාසභංගය ගැන සාකච්ඡුාවක් ද සිදු කර තිබේ.

මේ අතර විදේශ අමාත්‍ය රවී කරුණානායක මහතා එම ධූරයෙන් ඉවත් කරන්නැයි නිදහස් පක්ෂ කැබිනට් අමාත්‍යවරු පිරිසක්  පෙරේදා (08/08) රාත්‍රියේදී ජනාධිපතිවරයා ගෙන් ඉල්ලීමක්ද  කර තිබිණි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now