SKIP TO MAIN CONTENT

ක්වීන්ස්ලන්තයේ උක් ගොවීන්ගේ අර්බුදයට රජය මැදිහත් නොවුණහොත් විරෝධතාවකට සූදානම් වන බව Pauline Hanson කියයි.

Pauline Hanson to go on strike over sugar
Source: SBS

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News



Skip to article content

ක්වීන්ස්ලන්තයේ උක් ගොවීන්ගේ අර්බුදයට මැදිහත් නොවුණහොත් තම පක්ෂය විරෝධතාවකට සූදානම් වන බව One Nation පක්ෂයේ නායිකා Pauline Hanson ඔස්ට්‍රේලියානු රජයට බල කර සිටියි.

එළඹෙන මැයි මාසයේ ඉදිරිපත් කිරීමට නියමිත නව අය වැයට ප්‍රථමයෙන් මෙම ගැටළුව මතු කිරීම ලිබරල් සන්ධාන රජයට විශාල අභියෝගයක් ඉදිරිපත් කිරීමක් බව දේශපාලන විචාරකයින් පවසයි.

One Nation පක්ෂයේ මෙම ප්‍රකාශය බැහැර කළ නොහැකි ප්‍රකාශයක් වන්නේ මධ්‍යම පාර්ලිමේන්තුවේ සෙනට් සභාවේ ආසන 3කට ඔවුන් හිමිකම් කියන නිසාවෙනි.

කෙසේවෙතත්, ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ උක් ගොවීන් සහ සීනි මෝල් හිමියන් අතර පවතින අර්බුදය දිගු කලක පටන් පවතින අතර ඒ සඳහා රජය මැදිහත්වී සීනි හා උක් කර්මාන්තයට ආචාර ධර්ම පද්ධතියක් නිර්මාණය කරන ලෙස One Nation පක්ෂය රජයෙන් ඉල්ලයි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now