Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

One Nation පක්ෂයේ නායිකා Pauline Hanson බුර්කාවකින් සැරසී ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තුව කළඹයි. (වීඩියෝ)

Pauline Hanson’s call to ban burqas
Source: SBS

One Nation පක්ෂයේ නායිකා Pauline Hanson ඊයේ බුර්කාවකින් සැරසී පාර්ලිමේන්තු සභාවට පැමිණ තිබෙන බව වාර්තා වේ.

ඔස්ට්‍රේලියාවේ පොදු ස්ථානවල මුහුණු ආවරණය කරගෙන සිටීම වැළක්වීමට ගෙන ආ යෝජනාව සඳහා ඊයේ පැවැත්වූ පාර්ලිමේන්තු විවාදයට ඇය මෙසේ බුර්කාවකින් පැමිණ සිටි බව සඳහන්.

ඇයගේ මෙම ක්‍රියාව ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයේද විවේචනයට ලක් විය.

නමුත් තමන්ගේ ක්‍රියාව සාධාරණීකරණය කරමින් Pauline Hanson ප්‍රකාශ කර සිටියේ ඔස්ට්‍රේලියාවේ ජාතික ආරක්ෂාව උදෙසා පාර්ලිමේන්තුව තුළ  ප්‍රායෝගික උදාහරණයක් දැක්වීම තම  අපේක්ෂාව වූ බවයි.

තමන්ගේ ක්‍රියාව පිළිබඳ තමන් කිසිසේත්ම ලැජ්ජා නොවන බවද ඇය පැවසුවාය.

මේ අතර කම්කරු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී Anne Aly, One Nation පක්ෂයේ නායිකා Pauline Hansonගේ බුර්කා රංගනය දැඩි ලෙස පාර්ලිමේන්තු සභාව තුළදී  විවේචනය  කළාය.

Pauline Hansonගේ මෙම ක්‍රියාව වර්ගවාදී සහ පහත ක්‍රියාවක් බව ක්වීන්ස්ලනතයේ ඉස්ලාම් සභාවේ Ali Kadri, ABC පුවත් සේවයට පැවසුවේය.

One Nation පක්ෂයේ නායිකා Pauline Hansonගේ මෙම විරෝධාතාව ඇයට වෙනත් අයුරකින් ඉදිරිපත් කිරීමට ඉඩ තිබුන බව ස්වාධීන සෙනට් සභික Jacqui Lambie පැවසුවාය.


1 min read

Published

Updated

By Madhura Seneviratne

Source: SBS News




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now