COVID 19 update 29 August: NSW හි විශ්‍රාමිකයින්ට සහ concession කාඩ්පත් හිමියන්ට අද සිට නොමිලේ RAT 10ක්

2022 අගෝස්තු 29 වනදා ඔස්ට්‍රේලියාවේ කොවිඩ් තත්ත්වය පිළිබඳ යාවත්කාලීන වන තොරතුරු මෙම ලිපියේ ඇතුළත් වේ.

COVID-19 Australia

Tourists near the Sydney Harbour Bridge and the Sydney Opera House. (file) Source: AAP / DEAN LEWINS/AAPIMAGE

Highlights

ගතවූ පැය 24 තුළ ඔස්ට්‍රේලියාවෙන් අවම වශයෙන් කොවිඩ් මරණ 11ක් වාර්තා වී ඇති අතර නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් සහ වික්ටෝරියා ප්‍රාන්තයෙන් කොවිඩ් මරණ 04 බැගින් ඊට ඇතුළත් වේ.

ඔස්ට්‍රේලියානු ප්‍රාන්ත සහ ටෙරිටරි පුරා නව දෛනික COVID-19 රෝගීන් සංඛ්‍යාව අඛණ්ඩව අඩුවෙමින් පවතී.

ඔස්ට්‍රේලියාවේ නව කොවිඩ් ආසාදිතයින්, රෝහල්ගතවීම් සහ කොවිඩ් මරණ සඳහා නවතම COVID-19 දත්ත මෙතැනින් ලබාගත හැකිය.

2023 සහ 2024 දී නවක හෙදියන් සහ පවුල් සෞඛ්‍ය නිලධාරීන් 10,000 කට වැඩි පිරිසකට නොමිලේ විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබා දීම සඳහා වූ වික්ටෝරියා ප්‍රාන්තයේ සැලසුම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රමුඛයින්ගේ විවේචනයට ලක්ව ඇත.

මෙය ප්‍රාන්තයේ රජයේ රෝහල් පද්ධතියට යහපත් ආරංචියක් නොවන බව ඔස්ට්‍රේලියානු පෞද්ගලික රෝහල් සංගමයේ ප්‍රධාන විධායක Michael Roff පැවසුවේය.

වික්ටෝරියා ප්‍රාන්තයේ රජයේ රෝහල් දැනටමත් COVID-19, ඉන්ෆ්ලුවෙන්සා සහ දැවැන්ත ලෙස ගොඩගැසී ඇති elective සැත්කම් නිසා දැඩි පීඩනයකට ලක්ව ඇති බව ඔහු පැවසීය.

ඔවුන් මේ සියල්ල කළමනාකරණය කිරීමට උපකාර කිරීම සඳහා දැනට පෞද්ගලික අංශය මත විශ්වාසය තබන බවත් පෞද්ගලික අංශයට රෝහල් අහිමි වුවහොත් රාජ්‍ය පද්ධතියට එල්ල වන පීඩනය තවත් වැඩි වන බවත් ඔස්ට්‍රේලියානු පෞද්ගලික රෝහල් සංගමයේ ප්‍රධාන විධායකවරයා පැහැදිලි කළේය.

අද සිට, විශ්‍රාමිකයින්ට සහ අනෙකුත් සුදුසුකම් ලත් concession කාඩ්පත් හිමියන්ට ඕනෑම සේවා NSW සේවා මධ්‍යස්ථානයකින්, ජංගම සේවා මධ්‍යස්ථානයකින් හෝ ආපදා ප්‍රතිසාධන මධ්‍යස්ථානයකින් නොමිලේ Rapid Antigen පරීක්ෂණ කට්ටල 10ක් දක්වා ලබා ගත හැක.

බදාදා පැවැත්වෙන ජාතික කැබිනට් මණ්ඩල රැස්වීම විසින් කොවිඩ් වයිරසයට ධනාත්මක බව පරීක්‍ෂා කරන අය සඳහා වර්තමාන හුදකලා වීමේ කාලය දින හතේ සිට පහ දක්වා අඩු කළ හැකිය.

COVID-19 වසංගතය කාන්තාවන්ට සැලකිය යුතු මූල්‍ය හා මානසික බලපෑමක් ඇති කර ඇති බව ක්වීන්ස්ලන්ත විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් පවසයි.

lockdown කිරීම්වලදී කාන්තාවන් තම රැකියා කරන කාලය අඩු කර හෝ සම්පූර්ණයෙන්ම රැකියා කිරීම නවත්වා ඇති බව ප්‍රධාන පර්යේෂක ආචාර්ය Terry Fitzsimmons පැවසුවේය.

ඔවුන් තම පිරිමි සගයන්ට වඩා නිවෙස්වල වැඩකටයුතු කළ බව ඔහු සඳහන් කරයි.

ඔස්ට්‍රේලියානු ප්‍රාන්ත සහ ටෙරිටරි පුරා නොමිලේ flu එන්නත් ලබා ගැනීම අගෝස්තු 31 දිනෙන් අවසන් වේ.

*********************************************

ඔස්ට්‍රේලියාවේ ඒ ඒ ප්‍රාන්තයේ සහ ටෙරිටරියේ Long COVID සායන ඇති ස්ථාන මෙතනින් සොයාගන්න

ACT New South Wales Northern Territory Queensland

South Australia Tasmania Victoria Western Australia

ඔස්ට්‍රේලියාවේ ඒ ඒ ප්‍රාන්තයේ සහ ටෙරිටරියේ COVID-19 පරීක්ෂාකරන ස්ථාන මෙතනින් සොයාගන්න

ACT New South Wales Northern Territory Queensland

South Australia Tasmania Victoria Western Australia


Share

2 min read

Published

By Madhura Seneviratne

Source: SBS




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now