SKIP TO MAIN CONTENT

මාස 7 කට පසුව ප්‍රථම වරට නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත වැසියන්ට අද සිට (06/11) ටස්මේනියා ප්‍රාන්තයට ඇතුළුවීමට අවසර

People from New South Wales will be able to travel to Tasmania from today for the first time in seven months
People from New South Wales will be able to travel to Tasmania from today for the first time in seven months Source: AAP

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

මාස 7 කට පසුව ප්‍රථම වරට නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත වැසියන්ට අද සිට ටස්මේනියා ප්‍රාන්තයට ඇතුළුවීමට අවසර ලැබේ.

ඒ අනුව නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත වැසියන්ට නිරෝධායනය වීමකින් තොරව අද සිට ටස්මේනියා ප්‍රාන්තයට ඇතුළුවීමට හැකිය.

ඒ අනුව වික්ටෝරියා ප්‍රාන්තයට හැර ඔස්ට්‍රේලියාවේ සෙසු ප්‍රාන්ත හා ටෙරිටරි වලට මේ වන විට ටස්මේනියා ප්‍රාන්තයේ ප්‍රාන්ත සීමා විවෘත කර ඇත.

වික්ටෝරියා ප්‍රාන්තයට ද ටස්මේනියා ප්‍රාන්ත සීමා විවෘත කිරීමට දෙසැම්බර් 01 වන දින අපේක්ෂා කරන බව ටස්මේනියා ප්‍රාන්ත රජය පවසයි.

කොරෝනා වසංගතය හේතුවෙන් ප්‍රාන්ත සීමා වසා දැමූ ඔස්ට්‍රේලියාවේ ප්‍රථම ප්‍රාන්තය ලෙස ද ටස්මේනියා ප්‍රාන්තය හැඳින්වේ.

පසුගිය දින 90 ක කාලය තුළ ටස්මේනියා ප්‍රාන්තයෙන් කිසිදු කොරෝනා ආසාදිතයෙකු වාර්තා වී නොමැත.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now