SKIP TO MAIN CONTENT

බටහිර ඕස්ට්‍රේලියා ප්‍රාන්තයේ පර්ත් සහ පීල් කලාප දින තුනකට ලොක්ඩවුන්. නිවසින් පිටවීමට අවසර ලැබෙන හේතු මෙන්න

බටහිර ඕස්ට්‍රේලියා ප්‍රාන්තයේ පර්ත් මෙට්‍රොපොලිටන් කලාපය සහ පීල් කලාපය වහාම ක්‍රියාත්මක වන පරිදි දින තුනක කාලයක් සඳහා lockdown කෙරෙන බව බටහිර ඕස්ට්‍රේලියා ප්‍රාන්ත රජය දැනුම් දී සිටී.

Three-day lockdown in Perth & Peel
Three-day lockdown in Perth & Peel Source: AAP

2 min read

Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya

Source: SBS News


Skip to article content

Highlights

  • පර්ත් මෙට්‍රොපොලිටන් කලාපය සහ පීල් (Peel) කලාපය දින තුනක කාලයක් සඳහා lockdown කෙරේ.
  • අසදිතයා පර්ත් හි නිරෝධායනය වී මෙල්බර්න් ඇවිත්
  • lockdown කාලයේදී කරුණු 4ක් සඳහා පමණක් නිවසින් පිටවීමට අවසර ලැබේ.

 බටහිර ඕස්ට්‍රේලියා ප්‍රාන්තයේ අගනුවර පර්ත් නගරයට අදාළ මෙට්‍රොපොලිටන් කලාපය සහ පීල් (Peel) කලාපය වහාම ක්‍රියාත්මක වන පරිදි දින තුනක කාලයක් සඳහා lockdown කිරීමට බටහිර ඕස්ට්‍රේලියා ප්‍රාන්ත අගමැති මාර්ක් මැක්ගොවාන් විසින් තීරණය කොට තිබේ.

වික්ටෝරියානු ප්‍රාන්ත වැසියෙකු බටහිර ඕස්ට්‍රේලියා ප්‍රාන්තයේ දී දින 14 ක හෝටල් නිරෝධායනයෙන් දින 5 කට පසුව නැවතත් වික්ටෝරියා ප්‍රාන්තයට පැමිණීමෙන් අනතුරුව ඔහුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට සොයා ගැනීම මෙලෙස බටහිර ඕස්ට්‍රේලියා ප්‍රාන්තයේ පර්ත් සහ පීල් කලාප lockdown කිරීමට මූලික හේතුව වී තිබේ.

54 හැවිරිදි මෙම පුද්ගලයා පර්ත් හි Mercure හෝටලයේ දින 14 ක නිරෝධායන කාලය අප්‍රේල් මස 17 වනදා සම්පුර්ණ කොට ඇති අතර නව ත මෙල්බර්න් නගරයට පැමිණ ඇත්තේ අප්‍රේල් 21 වන දායි. ඒ අතර තුර වුනු දින 5 ක කාලය ඔහු පර්ත් සහ තදාසන්න ප්‍රදේශවල සැරිසරා ඇත.

මේ හේතුව නිසා ඊයේ - අප්‍රේල් 23 වනදා මධ්‍යම රාත්‍රී 12 සිට අප්‍රේල් 26 වන සඳුදා මධ්‍යම රාත්‍රිය වනතෙක් වන දින 3 ක කාලය පර්ත් මෙට්‍රොපොලිටන් කලාපය සහ පීල් කලාපය මෙලෙස lockdown කිරීමට බටහිර ඕස්ට්‍රේලියා ප්‍රාන්තය තීරණය කොට තිබේ.


Lockdown කාලය තුලදී අතවශ්‍ය අහාරපාන මිලදී ගැනීමට, අත්‍යවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමට, නිවසේ සිට රාජකාරි කිරීමට නොහැකි නම් පමණක් රැකියා සඳහා සඳහා පිටත්ව යාමට සහ පැයක කාලයකට යටත්ව පමණක් ව්‍යායාම සඳහා යන කරුණු තුන සඳහා පමණක් නිවසින් පිටතට යාමට අවසර ලැබී තිබේ. එසේ නිවෙස් වලින් බැහැරට යාමේදී මුහුනු ආවරණ පැලඳීමද අනිවාර්ය කොට ඇත.


කෙසේ වෙතත් මෙලෙස බටහිර ඕස්ට්‍රේලියා ප්‍රාන්තයේ , පර්ත් නගරයේ සිට වික්ටෝරියා ප්‍රාන්තයේ මෙල්බර්න් නගරය වෙත පැමිණි මෙම ආසාදිත පුද්ගලයා හේතුවෙන් මෙල්බර්න් නගරයේ කිසිවෙකු හට කොරෝනා ආසාදනයක් ව්‍යාප්තව ඇති බවට මේ වන තෙක් කිසිඳු සාක්ෂියක් හමුව නොමැත.

පර්ත් නගරයට අයත් මෙට්‍රොපොලිටන් කලාපය සහ පීල් කලාපය මෙලෙස lockdown කිරීම හේතුවෙන් Trans Tasman Bubble සංචාරක වැඩසටහන යටතේ නවසීලන්තයේ සිට පර්ත් වෙත පැමිණෙන සංචාරක ගුවන්සේවා තාවකාලිකව අත්හිටවනු ලැබූ බව ඕස්ට්‍රේලියානු මධ්‍යම රජය නිවේදනය කොට සිටී.

** ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඉක්මනින් දැනගැනීමට පිවිසෙන්න SBS සිංහල සේවයේ Facebook පිටුවට www.facebook.com/sbssinhala

 


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now