Sydney Sixers පරදා Perth Scorchers මෙවර Big Bash League ශූරතාව දිනා ගනියි.

Big Bash 2017

Source: Big Bash 2017

ඔස්ට්‍රේලියාවේ පැවැත්වුණු Big Bash League 2017 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයෙදී Perth Scorchers කණ්ඩායම,  Sydney Sixers කණ්ඩායම කඩුලු 9 කින් පරාජයට පත් කර ශූරතාව අත් කරගනී.

කාසියේ වාසිය් දිනු Perth Scorchers කණ්ඩායම මුලින්ම පන්දුවට පහර දීමට Sydney Sixers කණ්ඩායමට ආරධානා කළේය.

ඒ අනුව Sydney Sixers කණ්ඩායම සිය නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 9 ක් දැවී ලකුණු 141 ක් රැස් කිරීමට සමත් විය.

Perth Scorchers කණ්ඩායම වෙනුවෙන් Jhye Richardson කඩුලු 3 ක් බිඳ හෙළීය.

ජයග්‍රාහී ලකුණු 142 ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි Perth Scorchers කණ්ඩායම, පන්දුවාර 15 යි පන්දු 5 කදී එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 144 ක් ලබා ගනිමින් මෙවර Big Bash League ශූරතාව දිනා ගත්තේය.

Perth Scorchers කණ්ඩායම වෙනුවෙන් Michael Klinger නොදැවී ලකුණු 71 ක් ද Sam Whiteman ලකුණු  41 ක් ද ලබාගත්තේය.

තරගයේ වීරයා සම්මානය Jhye Richardson හට හිමිවූ අතර තරගාවලියේ වීරයා සම්මානය CA Lynn හට හිමි විය.


1 min read

Published

By Madhura Seneviratne

Source: espncricinfo




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now