ඔස්ට්‍රේලියාවට වුහාන් සිට එන ජනයා Christmas දුපත වෙත යැවීමේ රජයේ අදහසට විරුද්ධව මේ වන විට මත ඉදිරිපත් වන අතර එයට වඩා මානුෂික පියවරක් ගත යුතු බවටයි බොහෝ දෙනා පවසන්නේ. නමුත් ස්වදේශ කටයුතු අමාත්‍ය Peter Dutton මෙය අනුමත කොට තිබෙනවා.
මේ වන විට චීනය හා ඇමෙරිකාව සිරවී සිටි ඔවුන්ගේ රටේ පිරිස් නැවත ගෙන ගොස් ඇති අතර ඔස්ට්‍රේලියානු රජය ඒ සදහා තවම චීන බලධාරීන් සමග සාකච්චා පවත්වයි. නමුත් වුහාන් නුවර සිටින ජනයා පවසන්නේ ඔවුන් බොහෝ දෙනෙකු දැනටමත් බොහෝ කාලයක් සමාජයෙන් වෙන්ව සිටි නිසා තවදුරටත් එසේ වෙන් කොට තබන්නේ ඇයිද යනුවෙන්.
නමුත් අමාත්‍ය Dutton පවසා ඇත්තේ රජය සෞඛ්‍ය නිලධාරීන්ගේ උපදෙස් මත ඕස්ට්‍රේලියානුවන්ගේ යහපත වෙනුවෙන් මෙම තීරනය ගත් බවයි. දින 14ක් එම පුද්ගලයන් තැබීමට සිඩ්නි, මෙල්බන්, බ්‍රිස්බන් හෝ කැන්බරා රෝහල් හිස් කල නොහැකි නිසා මෙම තීරණය ගෙන තිබේ. මෙවන අවස්තාවකදී යොදා ගැනීමට Christmas දුපත ඇති බව ඔහු පවසනවා.
නමුත් ඕස්ට්‍රේලියානු වෛද්‍ය සංගමයේ සභාපති Tony Bartone පවසන්නේ රජයේ මෙම අදහස නොගැලපෙන බවයි. රජය වයිරසය පිලිබදව නිවැරදි ලෙස කටයුතු කලද ඔවුන් මීට වඩා හොද තත්වයේ ස්ථානයක නිරෝධායනය කල හැකි බව ඔහු පවසයි. මෙහිදී මෙම ඔස්ට්‍රේලියානුවන්ගේ කිසි වරදක් නොමැතිව මෙවන් ස්ථානයකට ඔවුන් ගෙන යාම ඔහු හෙලා දකිනවා.
එසේම මේ පිලිබදව තම සංවිධානයෙන් රජය අදහස් විමසුයේ නැති බවද ඔහු පවසනවා. මීට පෙර සරණාගතයින් බොහෝ ශාරීරික හා මානසික පීඩා වලට ලක්වූ Christmas දුපත මේ සදහා යොදා ගැනීම ඔහු ප්‍රතික්ෂේප කර ඇත.
මේ පිලිබදව Dutton මහතා ගෙන් විමසු විට ඔහු ප්‍රකාශ කර ඇත්තේ Bartone මහතා බොහෝ කාලයක් සරණාගතයන් එහි යැවීම ප්‍රතික්ෂේප කල බවයි
ඔවුන් රැගෙන එන ගුවන් යානයට මගීන් විසින් ගෙවීම් කල යුතුයි
Hubei සිට ඔස්ට්‍රේලියාවට මෙම ජනයා රැගෙන එන ගුවන් යානය සදහා ඕස්ට්‍රේලියානු රජය මගීන් විසින් ගෙවීමක් කල යුතු බවද පවසා තිබේ. Sydney Morning Herald පුවත්පත ප්‍රකාශ කරන්නේ වුහාන් හි සිටින ඔස්ට්‍රේලියානුවන්ට මෙම ගමන සදහා ඩොලර් 1000ක් ගෙවීමට සිදුවනු ඇති බව. එම ගුවන් යානා සියල්ල Christmas දුපත වෙත යනු ඇති බවත්, ඔවුන් දින 14ක් එහි සිටින බවත් රජය පවසා තිබේ. එසේම මෙවන් අවස්ථාවලදී සිදු වන පරිදි ගාස්තුවෙන් යම් කොටසක් එම මගීන් විසින් දැරිය යුතු බවද රජය පවසයි
රජය මෙහිදී කුඩා දරුවන් හා වැඩිහිටියන් මුලින්මද රෝග ලක්ෂණ නොපෙන්වන පිරිසද රැගෙන එනු ඇති බව සදහන්.
වෙනත් රටවල් ක්‍රියා කරන ආකාරය
ඇමෙරිකාව මේ වන විට විශේෂ ගුවන් යානා වලින් වුහාන් සිට 210 දෙනෙකු පමණ පිරිසක් කැලිෆොර්නියාවට ගෙන ගොස් ඇති අතර ඔවුන් සුදු පැහැ ජිව අනතුරු වලින් මිදිය හැකි ඇඳුම් කට්ටල හැදගත් පිරිසක් විසින් භාර ගෙන ඇත . ඔවුන් පරීක්ෂා කොට අවශ්‍ය නම් රෝහල් වලට යවන බව පෙන්ටගනය පවසා තිබේ.
එසේම ජපානයටද 200 දෙනෙකු ගෙන්වා ඇති අතර ඔවුන් රෝග ලක්ෂණ පෙන්වයි නම් පමණක් ප්‍රතිකාර වෙත යොමු කොට තිබේ
ප්‍රංශ ජනයා 250ක් හා යුරෝපීයන් 100ක් පමණ මේ සතියේ වුහාන් වලින් ඉවත් කිරීමට කටයුතු සුදානම් වී තිබේ.
Source: SBS News

