SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාවට බාර ගන්නා සංක්‍රමණිකයින් ප්‍රමාණය තවත් අඩු කිරීමට රජය සැරසෙයි..

Peter Dutton amependekeza kupunguza kiwango cha mapokezi ya wahamiaji nchini Australia
Waziri Mkuu wa Australia Malcolm Turnbull na waziri wa maswala ya nyumbani Peter Dutton wazungumza na waandishi wa habari mbele ya bunge la taifa mjini Canberra Source: AAP Image/Lukas Coch

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News



Skip to article content

ඔස්ට්‍රේලියාවේ ජාතික ප්‍රශ්නයක් ලෙස මෙරටට පැමිණෙන සංක්‍රමණිකයින් ප්‍රමාණය සැලකුවහොත් එය කප්පාදු කිරීමට තමන් සූදනම් බව ස්වාදේශ කටයුතු අමාත්‍ය Peter Dutton  පවසයි.

කම්කරු පක්ෂ රජය යටතේ ආරම්භ කළ සංක්‍රමණිකයින් වැඩසටහන යටතේ සංක්‍රමණිකයින් වාර්ෂිකව ලක්ෂ 3 කට  අධික සංඛ්‍යාවක් ඔස්ට්‍රේලියාවට ගනු ලැබුවද ලිබරල් සන්ධාන රජය එය වාර්ෂිකව  190,000 කට අඩු කරනු ලැබීය.

එම ප්‍රමාණය තවත් පහළට ගෙන ඒමට අවශ්‍යනම් රජය එයද කිරීමට සූදානම් බව අමාත්‍ය Peter Dutton  පවසයි.

මේ අතර ඔස්ට්‍රේලියාවට තවදුරටත් නීත්‍යානුකූල සංක්‍රමණිකයින් ව හැසිරවීමට නොහැකි බව නව ලිබරල් සෙනට් සභික Jim Molan  තම මංගල කතාවේදී පැවසුවේය.

ඔස්ට්‍රේලියාව මේ වන විටත් සංක්‍රමණිකයින් බාර ගැනීමේ අවසාන සීමාව කරා පැමිණ ඇති බවද ඔහු පෙන්වා දුන්නේය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now