ඔස්ට්‍රේලියාව තුල වැඩි වන දක්ෂිනාංශික අන්තවාදය හා දැඩි වාමාංශික අන්තවාදය යන දෙකම පාලනය කල යුතු බවට අමාත්‍ය Peter Dutton පවසයි (SBS සිංහල / වාර්තා)

s

Source: AAP

පසුගිය සදුදා කැන්බරා හිදී ASIO ආයතනයේ ප්‍රධානී Mike Burgess විසින් ඕස්ට්‍රේලියානු ආරක්ෂාව පිළිබද වාර්ශික දත්ත සැපයීමේදී ප්‍රකාශ කොට ඇත්තේ අන්තවාදී දක්ෂිනාංශික අදහස් ඇති පිරිස් වැඩි වන බවයි. ඔහු ප්‍රකාශ කලේ එසේ දක්ෂිනාංශික කණ්ඩායම් නාසි ධජ ගෙන යාම් , ආයුධ පරිහරණය හා ප්‍රහාර සදහා පුහුණු වීම් වාර්තා වන බවයි. නමුත් ASIO ප්‍රධානියා වාමාංශික කණ්ඩායම් වල තර්ජනයක් පිළිබද සදහන් නොකලද ස්වදේශ කටයුතු අමාත්‍ය Peter Dutton ප්‍රකාශ කර ඇත්තේ ආරක්ෂක අංශ මෙම මතදාරී අන්ත දෙකෙහිම තර්ජන වලට මුහුණ දීමට සුදානම් වන බවයි.
ඔහු පැවසුවේ දක්ෂිනාංශික හෝ වාමාංශික අන්තවාදී අදහස් ඇති පිරිස වෙතට යන තොරතුරු හා ඔවුන් නිසා ඇතිවන තර්ජන පිළිබද දෙපාර්තමේන්තු ආරක්ෂක අංශ කටයුතු කරන බවයි.

මෙම අන්තවාදී අදහස් වල දෘෂ්ටිවාදය කුමක් වුවත් ඒවා පාලනය කල යුතු බව ඔහු පවසයි. ඕස්ට්‍රේලියානුවන්ට හානි කිරීමට කිසිවකු හෝ යොමු වේ නම්, ඔවුන් කුමන අන්තයේ වුවද ඔවුන් පිලිබදව ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවද Dutton මහතා පවසයි.
මේ අතර Burgess මහතා පැවසුවේ නුතන නාසිවාදීන් දැන් ඕස්ට්‍රේලියාවේ විවිධ ප්‍රදේශ වල හමු වී විවිධ මතවාද පිළිබද සාකච්චා කරන බවයි.

පසුගිය වසරේ Christchurch හි ඇතිවූ ප්‍රහාරයෙන් පසු දක්ෂිනාංශික අන්තවාදී ක්‍රියා පිලිබදව ආරක්ෂක සංවිධාන කටයුතු කිරීමට යොමු වී තිබේ. පසුගිය මාර්තු 15 වැනිදා ඔස්ට්‍රේලියානුවෙකු විසින් නවසීලන්තයේ Christchurch හි 51 දෙනෙකුට වෙඩි තැබීමක් සිදු කල අතර එය අන්තර්ජාලය ඔස්සේ ප්‍රචාරය කලා.

එම සිදුවීමට වසරක් පිරෙන විට කම්කරු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී Tim Watts ප්‍රශ්න නගන්නේ රජය කෙතරම් එවන් තර්ජන අවම කිරීමට ක්‍රියා කල ඇතිද යනුවෙන්.

අග්‍රාමාත්‍ය Scott Morrison මේ පිළිබද පවසා ඇත්තේ ත්‍රස්තවාදය නොයෙක් ස්වරුපයෙන් මතු වන නිසා මෙසේ දක්ෂිනාංශික අන්තවාදී ක්‍රියා පාලනය කිරීමට කටයුතු කරන බවයි.
තවමත් කිසිදු දක්ෂිනාංශික සංවිධානයක් ත්‍රස්ත සන්විධානයක් ලෙස ඔස්ට්‍රේලියාවේදී ප්‍රකාශයට පත් වී නැහැ.

විදේශීය ඇඟිලි ගැසීම්

එසේම ASIO ප්‍රධානියා ප්‍රකාශ කලේ දැන් සීතල යුද්ධය පවතී සමයේ මෙන් විදේශීය ඔත්තු බැලීමේ ක්‍රියා වැඩි වී ඇති බවයි. මේ කුමන රටක්ද යනුවෙන් රජය පැවසුයේ නැති වුවද, Centre Alliance හි සෙනට් සභික Rex Patrick පවසන්නේ රජය එම රටවල් නම් කල යුතු බව. ඔහුගේ අදහස මෙම ඔත්තු බැලීමේ කටයුතු වල යෙදෙන්නේ චීනය විය හැකි නිසා එය ජනතාවගේ දැනුවත් භාවයට හා චීනයට පීඩනයක් එල්ල කිරීමට හෙළි කල යුතු බව.
අමාත්‍ය Dutton ද ප්‍රකාශ කලේ එසේ විදේශීය බලපෑම් සදහා නව නීති අවශ්‍ය නම් ඒවා ස්ථාපිත කරන බවයි.

Source: SBS News


Share

Published

Updated

By Charitha Adikari

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service