ප්‍රචණ්ඩ ක්‍රියා හමුවේ පැවති ව්‍යාකූල මැතිවරණයකින් පසුව පැපුවා නිව් ගීනියාව එරට අගමැති ලෙස නැවතත් හිටපු අගමැති Peter O'Neill පත් කරගෙන තිබේ.
People's National Congress පක්ෂය නියෝජනය කරමින් තරග කළ Peter O'Neill හට මුලදී රජයක් පිහිටුවීමට තරම් බහුතරයක් නොමැති බවට පෙනී ගිය නමුත් සුළු පක්ෂවල සහයෝගය මත ඔහුට නැවතත් රජයක් පිහිටුවීමට අවස්තාව ලැබුණු බව වාර්තා වේ.
2011 වසරේ පටන් Peter O'Neill, පැපුවා නිව් ගීනියාවේ අගමැතිවරයා ලෙස කටයුතු කරයි.
Share

