SKIP TO MAIN CONTENT

ශ්‍රී ලංකාවේ යෝජිත 20 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට විරෝධතා පෙත්සම්

Supreme Court of Sri Lanka
Supreme Court of Sri Lanka Source: Wikipedia

1 min read

Published

By Dinesha Dilrukshi Wijesuriya


Skip to article content

මේ සතියේ අඟහරුවාදා (22/09) ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ අනුමැතිය සදහා ඉදිරිපත් කරන ලද 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතෙහි ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට ප්‍රකාශ කරන ලෙසට ඉල්ලමින් සමගි ජන බලවේගය විසින් ඊයේ දිනයේදී (23/09) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විරෝධතා පෙත්සමක් ගොනු කර තිබේ.

එම පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර විසින් මෙම මුලික විරෝධතා පෙත්සම ගොනු කර ඇත.

එම පනත් කෙටුම්පත නිසි ලෙස නීතියක් බවට පත්වීමට නම් පාරිලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ජන්දයෙන් හෝ ජනමත විචාරනයකින් සම්මත විය යුතු බවට ප්‍රකාශ කරන ලෙසට පෙත්සම්කරු මෙම පෙත්සම මගින් ඉල්ලා ඇත.

තවද මෙම සංශෝධනය හරහා මහජන මුදල් වල විනිවිදභාවය අහිමි වී යන බවට ද කරුණු ඉදිරිපත්කොට තිබේ.

සමගි ජන බලවේගය මඟින් ඉදිරිපත් කල මෙම පෙත්සමට අමතරව ද්‍රවිඩ ජාතික සංධානයේ නායක ආර්. සම්බන්ධන්, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ ප්‍රධාන විධායක පාක්‍යසෝති සරවනමුත්තු, නීතිඥ ඉංදික ගාල්ලගේ , නීතිඥ අනිල් කාරියවසම්, ශ්‍රී ලංකා විනිවිද පෙරමුණේ ලේකම් නාගානන්ද කොඩිතුවක්කු, යන පාර්ශවයන් 5 ක් ද විරෝධතා පෙත්සම් ගොනු කර ඇත.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now