Explainer

ඔස්ට්‍රේලියාවේ පෙට්‍රල් මිල ලබන සතියේ සිට යළි ඉහළට, අඩුම මිලට පෙට්‍රල් ගැනීමට SBS සිංහල වෙතින් අත්වැලක්

සැප්තැම්බර් 29 වැනිදා සිට ඔස්ට්‍රේලියාවේ පෙට්‍රල් ලීටරයක මිල ශත 25කින් ඉහළ යයි.

A hand holding a fuel nozzle while filling up a car with petrol

The price of fuel will soon be going up.

ඔස්ට්‍රේලියාවේ ඉන්ධන මිල ගණන් ලබන සතියේ සිට යළි ඉහළ යාමට නියමිතය.

ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය ලබාදෙන තාවකාලික ඉන්ධන බදු සහනය ලබන සතියේ අවසන් වන වීම ඊට හේතුව වේ.

සැප්තැම්බර් 29 වැනිදා සිට ඔස්ට්‍රේලියාවේ පෙට්‍රල් ලීටරයක මිල ශත 25කින් ඉහළ යයි.

මීට පෙර පැවති මොරිසන් රජය මෝටර් රථ රියදුරන්ගේ ජීවන වියදම් පීඩනය අඩු කිරීම සඳහා මාස හයක තාවකාලික පියවරක් ලෙස 2022 මාර්තු මාසයේදී ඉන්ධන බද්ද හරි අඩකින් අඩු කළේය.

එම බදු සහනය මාස හයෙන් ඔබ්බට දීර්ග කරන ලෙස වත්මන් කම්කරු රජයෙන් ඉල්ලා සිටියද එම බදු නැවත පැනවීමට තීරණය කර තිබේ.

නමුත් මෙම මිල වැඩිකිරීම් එක රැයකින් සිදු නොවන බව වාර්තා වේ.

ඉන්ධන පිරවුම්හල් නව පිරිවැය සහිත ඉන්ධන තොග සම්පුර්ණයෙන් ගබඩා කරගන්නා තෙක් ඉන්ධනවල මිල වැඩිවීම ප්‍රමාද විය හැකි බව NSW සහ ACT හි මෝටර්රථ සංවිධානයක් වන NRMA පවසයි.

යුරෝපයේ බලශක්ති අර්බුදය සහ ශීත කාලය එළඹීමත් සමඟ, ඉන්ධන ඉල්ලුම ඉහළ යන බැවින් මිල ගණන් මෙහි තවත් වැඩි විය හැකිය.

එනිසාම ඔබේ එදිනෙදා පෙට්‍රල් වියදම අඩු කර ගත හැකි ආකාරය පිළිබඳ මෙම ලිපියෙන් ඉදිරිපත් කෙරේ.

A petrol bowser at a Caltex service station
Petrol prices in Australia will rise again from next week Source: AAP

ඉන්ධන මිල පරීක්ෂා කරන වෙබ් අඩවි සහ App

එකිනෙක ඉන්ධන පිරවුම්හල් වෙත ගොස් අඩුම පෙට්‍රල් මිල ඇත්තේ කොහෙද කියා සොයාගැනීම ඉතා අසීරු ක්‍රියාවක් බවත් එහිදී ඔබේ වාහනයේ ඉන්ධන ටැංකියේ තිබෙන ඉන්ධන ප්‍රමාණයද නිකරුනේ නාස්ති වේ.

නමුත් ඔබට එම ක්‍රියාව කිරීම සඳහා උපකාර කළ හැකි apps සහ වෙබ් අඩවි කිහිපයක් දැන් ඇත.

ඒවායින් සමහරක් රජය විසින් අනුමත කර ඇත.

ඔබේ වාහනයට ඉන්ධන පිරවීමට පෙර මදක් අවට පරීක්ෂා කරන ලෙස NRMA ප්‍රකාශක Peter Khoury SBS ප්‍රවෘත්ති අංශයට පැවසුවේය.

NSW ප්‍රාන්ත රජයේ ඉන්ධන පිරික්සුම් වෙබ් අඩවිය වන Fuel Check වෙබ් අඩවිය ඔබට ළඟම ඇති ඉන්ධන පිරවුම් ස්ථානයෙන් හොඳම මිල සෙවීමට ඔබට ඉඩ සලසයි.

ඒ සඳහා Northern Territory හි MyFuel NT ඇති අතර බටහිර ඔස්ට්‍රේලියාවේ FuelWatch වෙබ් අඩවි ඇත.

දකුණු ඔස්ට්‍රේලියාවට සහ ක්වීන්ස්ලන්තයට මේ සඳහා තමන්ගේම වෙබ් අඩවි නොමැති නමුත් පාරිභෝගිකයින්ට ලාභම දේශීය ඉන්ධන මිල සොයා ගත හැකි බාහිර සේවා කිහිපයක් ඔවුන්ගේ වෙබ් අඩවිවල ලැයිස්තුගත කර තිබේ.

වික්ටෝරියා සහ ACT හි ද එවැනි වෙබ් අඩවි නොමැත.

———————————————————————————

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.

———————————————————————————
නමුත් පහත සඳහන් ජාතික මට්ටමින් පෙට්‍රල් මිල නිරීක්ෂණ වෙබ් අඩවි සහ Mobile App ඇත.

  • PetrolSpy - මෙහි මිලවල නිරවද්‍යතාව 0% කි.
  • MotorMouth
  • 7-Eleven’s fuel lock

මීට අමතරව ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම සුපිරි වෙළෙඳ ජාලයන් දෙකෙන් භාණ්ඩ මිලටගත් පසු ලබාදෙන රිසිට් පතේ ඉන්ධන වවුචරය භාවිත කර ඉන්ධන වට්ටම් ලබාගත හැකිය.
A woman standing next to her car and filling it with petrol at a service station
Australian motorists will be paying more at the bowser when the fuel excise is reinstated at the end of the month. Source: AAP / BIANCA DE MARCHI/AAPIMAGE

පෙට්‍රල් මිල චක්‍ර (price cycles) නිරීක්ෂණය කරන්න

ඔස්ට්‍රේලියානු තරඟකාරී සහ පාරිභෝගික කොමිසම (ACCC) සිඩ්නි, මෙල්බර්න්, බ්‍රිස්බේන්, ඇඩිලේඩ් සහ පර්ත් සඳහා පෙට්‍රල් මිල චක්‍රය නිරීක්ෂණය කරයි.

පෙට්‍රල් සිල්ලර වෙළෙන්දන්ගේ මිල ප්‍රතිපත්ති නිසා ඇති විය හැකි පෙට්‍රල් මිල ඉහළ යාම වැළක්වීම මෙහි අරමුණ වේ.

එහි වෙබ් අඩවියේ ඇති ප්‍රස්ථාරවල මිල වැඩි වන හෝ අඩු වන ස්ථානය පෙන්වයි. එය ඔබේ වාහනයට ඉන්ධන කල්තියා පිරවීම සඳහා හොඳ දර්ශකයකි.

ප්‍රස්ථාර සඳුදා සිට සිකුරාදා දක්වා දිනපතා මධ්‍යම රාත්‍රියේ යාවත්කාලීන වන අතර පසුගිය දින 45 සඳහා සාමාන්‍ය දෛනික මිල ගණන් පෙන්වයි.

මෙම මිල චක්‍ර අවබෝධ කර ගැනීමෙන් මෝටර් රථ හිමියන්ට ලීටරයකට ශත 30ක් දක්වා ඉතිරි කර ගත හැකි බව NRMA ප්‍රකාශක Peter Khoury SBS ප්‍රවෘත්ති අංශයට පැවසුවේය.


Share

Published

By Rashida Yosufzai, Madhura Seneviratne
Source: SBS

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service