සයිබර් ප්‍රහාරකයින් Captain Jack Sparrow ගෙනුත් කප්පම් ඉල්ලයි.

Cinema

Source: Walt Disney

තමන්ට කප්පම් නොදුනහොත් ලෝක ප්‍රකට සිනමා හා කාටුන් නිෂ්පාදන ආයතනයක් වන වෝල්ට් ඩිස්නි චිත්‍රපට ආයතනය විසින් ඉදිරියේදී එළි දැක්වීමට නියමිත දැවැන්ත චිත්‍රපටයක් අන්තර්ජාලයට මුදා හරින බවට අදාළ සමාගමට සයිබර් ප්‍රහාරකයින් මගින් අනතුරු ඇඟවීමක් එල්ල වී ඇති බව වාර්තා වේ.

මේ බව වෝල්ට් ඩිස්නි චිත්‍රපට ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී Bob Iger විසින් ඊයේ (16/05) දිනයේදී පැවසීය.

සයිබර් ප්‍රහාරකයින් විසින් අන්තර්ජාලය වෙත මුදා හරින බවට ප්‍රකාශ කර ඇති චිත්‍රපටය කුමක්ද යන්න පිළිබඳව  ඔහු අනාවරණය කර නොමැති නමුත් වෝල්ට් ඩිස්නි ආයතනය විසින් එළඹෙන මැයි 26 වන දින ලෝක සිනමා ශාලාවලට මුදා හැරීමට නියමිත  “Pirates of the Caribbean: Dead Men Tell No Tales” චිත්‍රපටය සයිබර් ප්‍රහරකයින්ගේ ඉලක්කය වී ඇතැයි වාර්තා වේ.

කෙසේ වෙතත් සයිබර් ප්‍රහාරකයින් වෙත කප්පම් ලබා දීම ප්‍රතික්ෂේප කර ඇති ඩිස්නි ප්‍රධාන විධායක නිලධාරීවරයා  මේ සම්බන්ධයෙන් ආරක්ෂක අංශ විසින් විමර්ශන සිදු කරන බව   ප්‍රකාශ කර ඇත.

Pirates of the Caribbean චිත්‍රපට මාලාවේ පළමුවැන්න 2003 වසරේදී තිරගත වූ අතර දෙවැන්න 2006 දීද තෙවැන්න 2007 දීද සිව් වැන්න 2011 දීද තිරගත විය.

සුපිරි හොලිවුඩ් නළු Johnny Depp මෙහි සුප්‍රසිද්ධ මුහුදු මංකොල්ලකරුවන්ගේ නායකයා වන Jack Sparrow ගේ භූමිකාව රඟපාන අතර එළඹෙන මැයි 26 වන දින නිකුත් කෙරෙනුයේ මෙම චිත්‍රපට මාලාවේ පස්වන චිත්‍රපටයයි.


Share

2 min read

Published

By Madhura Seneviratne




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now