බ්‍රසීල පාපන්දු කණ්ඩායමක් රැගෙන ගිය ගුවන් යානයක් කොලොම්බියාවේදී අනතුරට ලක්වී තිබේ.
අනතුරට පත්වන අවස්ථාවේදී එහි මගීන් 72ක් ද කාර්ය මණ්ඩලයේ 9ක් ද සිට ඇතිබව සඳහන්.
කොළොම්බියාවේ හෙට (30) පැවැත්වීමට නියමිත Copa Sudamerica පාපන්දු තරගාවලියේ අවසන් මහ තරගයට එක්වීමට සඳහා බ්‍රසීලයේ Chapecoense බ්‍රසීල පාපන්දු කණ්ඩායම රැගෙන ගිය ගුවන් යානය මෙසේ අනතුරට ලක්ව ඇති බව වාර්තාවේ.
අනතුරට ලක්වුවන් එම ස්ථානයෙන් ඉවත්කෙරෙමින් පවතින අතර දැනට දිවි ගලවාගත් 6 දෙනෙකු හමුව ඇතිබව විදෙස් වාර්තා සඳහන් කරයි.
අයහපත් කාලගුණය අනතුරට හේතුව වන්න ඇතයි සක කෙරේ....
!!!...බ්‍රසීල ගුවන් අනතුරේ නවතම තත්ත්වය....!!!
ඔස්ට්‍රේලියානු නැගෙනහිර සම්මත වේලාවෙන් රාත්‍රී 8.30 *******************************************************
බ්‍රසීල ගුවන් යානා අනතුරෙන් අවම වශයෙන් පුද්ගලයන් 25 දෙනෙකු හෝ ජීවිතක්ෂයට පත්ව ඇති බවත් පුද්ගලයන් 10 දෙනෙකු මේ වන විට බේරාගැනීමට හැකිවූ බවත් යානය අනතුරට පත්වූ ස්ථානයට යාබද නගරයක් වන La Ceja හි නගරාධිපති එරට දේශීය ගුවන් විදුලි සේවයක් ඔස්සේ ප්‍රකාශ කර තිබේ.
බේරාගත් එම 10 දෙනා අතර බ්‍රසීලයේ Chapecoense පාපන්දු කණ්ඩායමේ දැල් රකින්නා වන Alan Ruschel වූ බවද ඔහු තහවුරු කර තිබේ.
නමුත් පාපන්දු කණ්ඩායමේ ක්‍රීඩකයන් තිදෙනෙකු බේරාගෙන ඇති බව මේ වන විට බ්‍රසීල මාධ්‍ය වාර්තා කර තිබේ.


