ළමා ලිංගික අපයෝජන වලට වරදකරු වූ මෙල්බර්න් විහාරයක විහාරාධිපති හිමිට එරෙහි ඉදිරි නඩු විභාගය දෙසැ 16 වෙනිදා

ළමා ලිංගික අපයෝජන චෝදනා 17 කට ජූරි සභාවක් මගින් වරදකරු බවට තීන්දු කිරීමෙන් පසු කීස්බරෝ හි ධම්ම සරණ විහාරස්ථානයේ විහාරාධිපති ලෙස වැඩ විසූ නාඔටුන්නේ විජිත හිමියන් පසුගිය ඔක්තෝබර් 30 වෙනිදා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.

NAOTUNNE VIJITHA COURT

Naotunne Vijitha was seen outside the Melbourne Magistrates’ Court in August 2023, when he was first charged with child sexual abuse offences. (AAP Image/James Ross) NO ARCHIVING Credit: AAPIMAGE/James Ross

ලිංගික හිංසනයක දී නොපමාව පහත සඳහන් දුරකථන අංක අමතන්න.

  • RESPECT 1800 737 732
  • ජාතික ලිංගික අපයෝජන සහ සහන සහාය සේවාව 1800 211 028
  • ළමා උපකාරක දුරකථන අංකය 1800 55 1800 (වයස අවුරුදු 5 සිට 25 දක්වා අය සඳහා)

හිමිනමට එරෙහි ඉදිරි නඩු කටයුත්තේ දී වින්දිතයින් හය දෙනෙකුට සිදු වූ අතවර පිළිබඳ ප්‍රකාශ විවෘත අධිකරණයේ දී දීර්ඝ ලෙස ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව අධිකරණ තොරතුරු වලට අනුව වාර්තා වනවා.

ඉරිදා දහම් පාසල් පැවති කාලය තුල දී විහාරස්ථානයේ ආවාසගෙය හා විහාරගෙය තුල දී වයස අවුරුදු හතරත් දොළහත් අතර ගැහැණු ළමයින් හය දෙනෙකු අපයෝජනය කළ බවට හිමිනමට චෝදනා එල්ල විය.

වයස අවුරුදු 16 ට අඩු දරුවෙකුට ලිංගික අතවරයක් සිදු කිරීම සහ වයස අවුරුදු 16 ට අඩු දරුවෙකු සමඟ අශෝභන ලෙස හැසිරීම යන චෝදනා 19 ක් විජිත හිමියන්ට එරෙහිව ගොනු කර තිබුණු අතර ඒ සියලු චෝදනා වලට නිවැරදිකරු ලෙස ප්‍රකාශ කිරීමෙන් පසු සති හතරක් පුරා අදාළ නඩුව ප්‍රාන්ත අධිකරණයේ දී ජූරි සභාවක් ඉදිරියේ විභාග විය.

අදාළ සිදුවීම් 1994 සහ 2002 වසරත් අතර සිදු වී ඇති අතර මේ වන විට වැඩිහිටියන් වන වින්දිතයින් සියලු දෙනාම නඩු විභාගයේ දී ජූරි සභාවට සාක්ෂි ලබා දී තිබේ.

විත්තිකාර හිමියන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නික් පපාස් ජූරි සභාවෙන් ඉල්ලා සිටියේ මෙම චෝදනා වසර 25ක් හෝ 30ක් පැරණි ඒවා බැවින් ඒවායේ විශ්වසනීයත්වය සහ නිරවද්‍යතාව ප්‍රශ්න සහගත බවයි.

කෙසේ නමුත් ජූරි සභිකයින් පළමුව චෝදනා 19 න් 17 කටත් පසු දින තවත් චෝදනාවකට ඇතුළුව චෝදනා 18 ට විජිත හිමියන් වරදකරු බවටත් එක් චෝදනාවකින් නිදොස් කරන බවටත් තීන්දුව ලබා දුන්නේ ය.

ඒ අනුව දෙසැම්බර් මාසයේ 16 වෙනිදා පැවැත්වෙන දඬුවම් පැමිණවීමේ පූර්ව නඩු විභාගයට පෙර විජිත හිමියන් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස විනිසුරු පර්දීප් ටිවානා නියෝග කළේ ය.


Share

2 min read

Published

By AAP, Kassapa Senarath

Source: SBS


Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now