සමලිංගික විවාහ නීතිගත කිරීම සදහා මේ වසර අගදී ඕස්ට්‍රේලියාවේ ජනමත විචාරණයක්?

Participants are seen taking part in the 38th annual Gay and Lesbian Mardi Gras parade, in Sydney, Saturday, March 5, 2016. Organisers say this year's parade will involve 10,000 participants and over 170 floats. (AAP Image/Dan Himbrechts) NO ARCHIVING

(AAP Image/Dan Himbrechts) NO ARCHIVING Source: SBS

වත්මන් ඕස්ට්‍රේලියානු රජය බලයට පත්වුවහොත්, මේ වසර අගදී  සමලිංගික විවාහ නීතිගත කිරීම පිලිබදව ජනමත විචාරණයක් පවත්වන බව ඕස්ට්‍රේලියානු රජය පසුගියදා ප්‍රකාශයට පත් කළේය. මෙම ජනමත විචාරණයේදී බහුතර ජනතාව, සමලිංගික විවාහ නීතිගත කිරීමට කැමැත්ත පලකළහොත්, රජයට ජනතා කැමැත්ත අනුව අදාල කරණය නීතිගත කිරීමට අවස්ථාව උදාවනු ඇති බව, නීතිපති ජෝර්ජ් බ්‍රැන්ඩිස් පසුගියදා මාධ්‍ය හමුවේ සදහන් කළේය.

නමුත් මෙම ජනමත විචාරණය සම්බන්ධයෙන් අගමැති ටුර්න්බුල් ස්ථිර කල වකවානුවක් මෙතෙක් ප්‍රකාශ කර නොමැති අතර, ඔහු පවසන්නේ මැතිවරණයෙන් පසු හැකි ඉක්මනින් ජනමත විචාරණය පවත්වන බවයි.

නමුත් මේ පිලිබදව අදහස් දක්වන ක්‍රියාකාරිකයින් පවසන්නේ, රජය සමලිංගික විවාහ නීතිගත කිරීම පිලිබදව හැකි ඉක්මනින් ක්‍රියාමාර්ගයක් ගත යුතු බවයි.ජනමත විචාරණයේ ජනතා කැමැත්ත අනුව රජය මෙහිදී ක්‍රියාකරනු ඇතැයි තමන්ට විශ්වාශ බව නීතිපති ජෝර්ජ් බ්‍රැන්ඩිස් පසුගියදා Sky ප්‍රවෘත්ති සේවය සමග සාකච්ඡාවකට එක්වෙමින් ප්‍රකාශ කර තිබිණි. තවද බ්‍රැන්ඩිස් මහතා සමලිංගික විවාහ නීතිගත කිරීම පිළිබද යෝජනාවට පුද්ගලිකව කැමැත්ත ප්‍රකාශ කර තිබීමද විශේෂ කාරණයක්.

පසුගිය මාර්තු 5දා  සිඩ්නි නුවරදී සාමකාමීත්වය සමරමින් පැවති වාර්ෂික "Mardi Gras" උත්සවයට අගමැති මැල්කම් ටුර්න්බුල් සහභාගී වීම කැපී පෙනුණු සිද්ධියක් බවට පත්වූ අතර, එම උත්සවයට සහභාගී වූ ප්‍රථම ඕස්ට්‍රේලියානු අගමැතිවරයා වන්නේද  ටුර්න්බුල් මහතා වීමද විශේෂ සිද්ධියක්. තමන් මීට පෙරත් මෙම උත්සවයට සහභාගී වී ඇති බවත්, මෙය විචිත්‍රවත් උත්සවයක් බවත් අගමැතිවරයා මේ පිලිබදව අදහස් දක්වමින් ප්‍රකාශ කර තිබිණි. සිඩ්නි නුවරදී පැවති   "Mardi Gras" පෙළපාලියට විපක්ෂ නායක බිල් ෂෝර්ට්න්  මහතාද එක්ව සිටි අතර, සමකාමීන්ට සබැ සම අයිතීන් ලබාදීමේදී ඇති බාධක මෙවර "Mardi Gras" උත්සවයේදී පෙන්නුම් කල බවයි. කම්කරු රජය බලයට පත්වුවහොත් පළමු දින 100 තුල මෙය නීතිගත කරන බව මෙහිදී අදහස් දැක්වූ බිල්  ෂෝර්ට්න්  මහතා සදහන් කළේය.

 නිදහස් ජන්දයක් සමගින් සමලිංගික විවාහ නීතිගත කිරීමේ යෝජනාව ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම හැකි ඉක්මනින් කල යුතු බව, Australian Marriage Equality සංවිධානයේ නිව් සවුත්වේල්ස් ප්‍රාන්ත කැදවුම් කාරිනිය  වන Shirleene Robinson  පවසයි. පසුගිය  ජනවාරි මාසයේදී මේ සදහා පාර්ලිමේන්තුවේ බහුතරයක කැමැත්ත  ඇති බවට ඉගි පළවූ නිසා පාර්ලිමේන්තුවේ නිදහස් ජන්දයකින් මේ ප්‍රශ්නය සරලව පහසුවෙන් විසදිය හැකි බව ඇයගේ මතය වී තිබේ.

සමලිංගික විවාහ නීතිගත කිරීම සදහා ජනමත විචාරණයක් පැවැත්වීමට අවශ්‍ය කටයතු සංවිධානය කිරීම සදහා මැතිවරණ කොමිසමට සති 29ක් අවශ්‍ය බව එම කොමිසම  මේ වනවිට, සමලිංගික විවාහ නීතිගත කිරීම සදහා වූ පාර්ලිමේන්තු විමර්ශනයට දන්වා ඇති බව වාර්තාවෙයි. මෙම තත්වය යටතේ මේ වසර තුලදී ජනමත විචාරණයක් පැවැත්වීමට නම් මැතිවරණය නියමිත කාලයට පෙර කැදවිය යුතු බව සදහන්.

විවාහයක් සිදුවිය යුත්තේ පුරුෂයෙකු සහ කාන්තාවක් අතර බව දැනට ඕස්ට්‍රේලියානු  නීතියෙන් ප්‍රකාශ කර තිබේ.

මේ පිලිබදව අදහස් දක්වන සමහරක් පාර්ශව පවසන්නේ මෙම නීතිගත කිරීමේ ක්‍රියාවලියට මේ තරම් ඉක්මන් විය යුතු නැතිබවයි. වසර අගට ලගාවෙත්ම පාර්ලිමේන්තුව තුල සියලුම සාමාජිකයින් මේ සදහා ජන්දය ප්‍රකාශ කිරීමට නොසිටිනු ඇති බව බටහිර ඕස්ට්‍රේලියානු ප්‍රාන්ත ලිබරල් පක්ෂ පර්ලිම්නේතු මන්ත්‍රී Dennis Jensen  පවසයි.

සමලිංගික විවාහ නීතිගත කිරීමේදී ලොව දියුණු රටවල් සමග සංසන්දනය කිරීමේදී, ඕස්ට්‍රේලියාව  දුර්වල තැනක  සිටින බව Australian Marriage Equality සංවිධානයේ නිව් සවුත්වේල්ස් ප්‍රාන්ත කැදවුම් කාරිනිය  වන Shirleene Robinson  පවසයි.

ඇමෙරිකාව, එක්සත් රාජධානිය, නවසීලන්තය, කැනඩාව සහ දකුණු අප්‍රිකාව යන රටවල් ඇතුළුව රටවල් ගණනාවක් මෙම නීති සම්මත කිරීමේ යෝජනා ඉදිරිපත් කර ඇති බවත් , අයර්ලන්තය මේ සදහා ඕස්ට්‍රේලියාවට  වඩා  පසුගාමී තත්වයක පසුඋනත්, ඔවුන් එය ජනමත විචාරණයකින් යථාර්තයක් බවට පත් කරගන්නට සමත් වූ බවත් ඇය  පවසයි.

 


3 min read

Published

Updated

By Sanjaya Dissanayake



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now