“..ඔස්ට්‍රේලියානු මහා මැතිවරණය 2016..”- මැතිවරණයේදී Medicare පිලිබඳ ජනතාව තුල අනවශය බියක් ඇති කිරීම ලැජ්ජා සහගත බවට අග්‍රාමාත්‍යවරයා පවසයි

කම්කරු පක්ෂයේ දරුණු හා බොහෝ විට නීත්‍යානු කුල නොවිය හැකි Medicare පිලිබඳ ව්‍යාපාරය හමුවේ වුවත් බහුතර රජයක් පිහිටුවිය හැකි බවට අග්රාමාත්ය Malcolm Turnbull පවසා තිබේ.

Medicare scare

outside a polling booth in Brisbane, Saturday, July 2, 2016. About 15 million Australians will vote in today's federal election.ARCHIVING Source: AAP

Medicare පිලිබඳ වූ මේ ව්‍යාපාරය ඕස්ට්‍රේලියාවේ යොදාගත් මහා පරිමානයේ බොරුවක් බවට අග්‍රාමාත්‍යවරයා පවසා තිබේ. එමගින් කම්කරු පක්ෂයට ජයග්‍රහණය ආසන්නයට පැමිණීමට හැකිව තිබේ. මෙවන් Medicare පිලිබඳ බියක් ඇති කරලීමේ ව්‍යාපාරයක් හමුවේ වුවද සන්ධානයට බහුතර රජයක් පිහිටුවිය හැකි බව ඔහු පවසයි. නමුත් එමගින් අවාසි යක් සිදු වී ඇති බවද ඔහු පවසයි.

මෙතෙක් ඔස්ට්‍රේලියාව තුල සංවිධානාත්මකව විශාල වියදමක් යොදා සිදු කල බොරුවකට සන්ධානයට මුහුණ දීමට සිදු වූ බවද අද උදැසන (July 3rd) සිය පක්ෂ සාමාජිකයන් අමතමින් ඔහු ප්‍රකාශ කොට තිබේ. මැතිවරණ දිනයේ උදැසන medicare වෙතින් යයි සඳහන් medicare බෙරා ගැනීමට කාලයයි යනුවෙන් සාවද්‍ය කෙටි පණිවිඩයක් යැවීම සම්බන්ධයෙන් පොලිස් විමර්ශනයක්ද ඉල්ලා ඇති බවද ඔහු ප්‍රකාශ කළා. කම්කරු පක්ෂය විසින් සුක්ෂම ලෙස මෙවන් අසත්‍යක් medicare පිලිබඳ ප්‍රචාරය කිරීම ඕස්ට්‍රේලියානු දේශපාලනයේ ලැජ්ජා සහගත අවස්තාවක් බවත් එවන් අභියෝගයකට සන්ධානයට මුහුණ දීමට සිදුවූ බවත් Turnbull මහතා පවසා තිබේ. මේ නිසා සමහර ජනයා නොමග ගිය බවත් ඔහු පවසයි.

නීතිපති George Brandis විසින් ද සන්ධානය ඒ පිලිබඳ පොලිස් විමර්ශනයක් ඉල්ලා ඇති බවට පවසා තිබේ.

සෞඛ්‍ය අමාතය Susan Ley විසින් කම්කරු පක්ෂය හෝ පක්ෂයට සම්බන්ධ සංවිදාන විසින් මෙම අසත්‍ය කෙටි පණිවිඩ යැවීම සිදු නොකලේ නම් ඒ බව හෙළි කල යුතු බව පවසා තිබේ. Sky පුවත් සේවය විසින් මැතිවරණය අවසානයේ සිදු කල සමීක්ෂණයකින් හෙළිව ඇත්තේ චන්ද දායකයන්ගෙන් 72% ක ගේ අවදානය සෞඛ්‍ය හා Medicare වෙත ප්‍රධාන වශයෙන් යොමු වූ බවයි. වික්ටෝරියා හේ ලිබරල් පක්ෂ සභාපති Michael Kroger පවසන්නේ ACTU හෙවත් ඕස්ට්‍රේලියානු වෘත්තීය සංගම් කවුන්සලය විසින් Medicare නම යොදා ගත්‍ පත්‍රිකා බෙදා හැරීම සිදු කොට ඇති බවයි. ඔහු මේ පිළිබඳව Medicare වෙතින් විමසු විට කිසිදු පිළිතුරක් නොලැබුණු බවටද ඔහු ප්‍රකාශ කොට තිබේ. ඔහු පවසන්නේ Medicare ආයතනය විසින් ඔවුන්ගේ නම යොදා කරන මේ ක්‍රියා වන පිලිබඳ එම ආයතනය ක්‍රියා මාර්ගයක් ගත යුතුව තිබු බවයි.


2 min read

Published

Updated

By Charitha Adikari

Source: AAP



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now