සම ලිංගික විවාහ නීතිගත කිරීම පිලිබඳ මත විචාරයකදී පාර්ලිමේන්තුවෙන් එය ජයගනු ඇති අග්‍රාමාත්‍ය Malcolm Turnbull පවසයි. මෙහිදී මන්ත්රීවරුන්ට හා සෙනට් සභිකයන්ට නිදහස් ලෙස චන්දය ප්‍රකාශ කිරීමට අවස්තාව ලැබෙනු ඇති .
ABC වැඩසටහනකට එක වෙමින් ඔහු ප්‍රකාශ කලේ ඔහු පාර්ලිමේන්තුවේ නියෝජිතයන් හොඳින් දන්නා බැවින් එවන් මත විමසුමක් ජය ගැනීම පිලිබඳ කිසිදු සැකයක් නැති බවයි.
උදාහරණයක් ලෙස අග්රාමත්යවරයා දක්වා ඇත්තේ භාණ්ඩාගාරික Scott Morrison සාම්ප්‍රදායික විවාහ වෙනුවෙන් සහය දුන්නත් මෙවන් මත විමසුමකදී ඔහු සම ලිංගික විවාහ වලට පක්ෂව චන්දය දෙනු ඇති බවට පැවසීමයි.
එවන් මත විමසුමක් සමලිංගික ප්‍රජාව කෙරේ විරෝධතා ගොඩ නැගිය හැකි බවට එල්ල වන මත පිළිබඳව Turnbull මහතා පවසන්නේ ආදිවාසීන් ව්‍යවස්තාදායකව පිළිගැනීමට එවන් මත විමසුමක් පිලිබඳ කතා නොකරන්නේ ඇයි යන ගැටලුවයි.
සන්ධානය බලයට පත් වුව හොත් මේ වසර අගදී එම මත විමසුමක් පැවැත්වීමට සුදානම්.
නමුත් ලිබරල් සෙනට් සබික Eric Abetz තමා සම ලිංගික විවාහ සඳහා පක්ෂව චන්දය ලබා දෙයි දැයි තවමත් පවසා නැහැ. ඔහු Launceston හිදී AAP වෙත පවසා ඇත්තේ තවත් බොකෝ කරුණු ඔහුට සලකා බැලීමට ඇති බැවින් එයට කල් අවශ්‍ය බවයි. ඔහු ප්‍රශ්න කරන්නේ ජනතා මත විමසුමකින් අසාර්ථක වුව හොත්, පාර්ලිමේන්තුවේ දැනට සම ලිංගික විවාහ සඳහා සහය දක්වන කණ්ඩායම් ඊට පක්ෂව චන්දය දෙයිද යන කරුණයි. ඔහු පවසන්නේ දෙපාර්ශවයටම සාධාරණ ලෙස මත ප්‍රකාශ කිරීමට අවස්තාව ලැබිය යුතු බවයි.එසේම ජනතාවට අවශ්‍ය දේ පාර්ලිමෙන්ත්වේ සම්මත විය යුතු බවයි
ග්‍රීන්ස් සෙනට් සභික Robert Simms පවසන්නේ ඩොලර් මිලියන 160 වියදමින් මෙම මත විමසුම පවත්වන අග්‍රාමාත්‍යවරයාට තම නියෝජිතයන් වත් ඊට එකඟ කර ගත නොහැකි බවයි.
කම්කරු සෙනට් සභික Penny Wong twitter පණිවිඩයකින් කියා ඇත්තේ Turnbull මහතා මැතිවරණයට පෙර සම ලිංගික විවාහ වලට පක්ෂ පුද්ගලයන්ට නිදහස් චන්දයක් ලබා නොදුන්නත් මැතිවරණයෙන් පසු ඊට විපක්ෂ පුද්ගලයනට නිදහස් මත විමසුමක් ලබා දීමට සැරසීමෙන් නායකත්වය වෙනුවෙන් මෙම ක්‍රියාවන් ඔහු සිදු කරන බවයි.
බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයාට Brexit මත විමසුමින් පසු අත්වූ ඉරණමත් සමග Turnbull මහතාටත් මෙම මත විමසුම කෙරේ දැඩි පීඩනයක් එල්ල වී තිබේ. බ්‍රිස්බන් ,මෙල්බන්,සිඩ්නි හි මෙම ජන මත විමසුම අත හැර දමන ලෙස විරෝධතාද ක්‍රියාත්මක වුනා.
වික්ටෝරියානු අගමැති Daniel Andrews මෙල්බන් රැළියකදී කියා සිටියේ මෙම ජන මත විචාරණය භයානක හා බෙදීම් ඇති කරන බවයි.

