SKIP TO MAIN CONTENT

අගමැති රනිල් යුරෝපා සංචාරයක.

PM Ranil on state visit to Europe.
Source: Daily Mirror

1 min read

Published

By Madhura Seneviratne

Source: Daily Mirror



Skip to article content

ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (05/10) දින යුරෝපා සංචාරයක් සඳහා පිටත්ව යන බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කරයි.

අගමැතිවරයා පළමුවෙන්ම ජර්මනියට යාමට නියමිත අතර ඔක්තෝබර් 09 වන දින පින්ලන්තයට යාමට නියමිතය.

ජර්මනියේ සංචාරය අගමැතිවරගේ පුද්ගලික සංචාරයක් බවද සඳහන්.

එහිදී පින්ලන්ත අගමැති Juha Sipilä සහ රාජ්‍ය තාන්ත්‍රිකයින් කිහිප දෙනෙකු වික්‍රමසිංහ මහතා මුණ ගැසීමට නියමිත බවද වාර්තා වේ.

රනිල් වික්‍රමසිංහ මහතා සමග ඔහුගේ බිරිඳ මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය, අමාත්‍ය මහින්ද සමරසිංහ, අකිල විරාජ් කාරියවසම්, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සමන් අතාවුදහෙට්ටි යන මහත්වරුන් මේ සංචාරයට එක්වීමට නියමිතය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now