SKIP TO MAIN CONTENT

අගමැති රනිල් බැඳුම්කර කොමිසමට.

PM required to testify before Bond Commission
Source: AFP

1 min read

Published

Updated

By Madhura Seneviratne



Skip to article content

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මහ බැඳුම්කර කොමිසමට කැඳවීමට පියවර ගන්නා බව කොමිසමේ සභාපති විනිසුරු කේ.ටී.චිත‍්‍රසිරි මහතා ඊයේ (02/11) දැනුම් දුන්නේය.

ප‍්‍රශ්නගත බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් බැඳුම්කර කොමිසම රනිල් වික‍්‍රමසිංහ මහතාට යොමු කළ ප‍්‍රශ්නාවලියට පිළිතුරු ලබා දෙමින් ඉදිරිපත් කළ දිව්රුම් ප‍්‍රකාශයේ සඳහන් ඇතැම් කරුණු පැහැදිලි කර ගැනීම සඳහා අග්‍රාමාත්‍යවරයා කැඳවීමට කොමිසම පියවර ගන්නා බව චිත‍්‍රසිරි මහතා දැනුම් දුන්නේය.

ප‍්‍රශ්නගත බැඳුම්කර සිද්ධිය සෙවීම සඳහා පත් කළ මෙම කොමිසම හමුවට සාක්කිකරුවන් 70 දෙනෙකු කැඳවනු ලැබු බවත් ඔවුන් අතුරින් කිහිපදෙනෙකු ඉතා දීර්ඝ සාක්කි ලබා දුන් බවත් ඊට අමතරව ලේඛණ 450කට අධික ප‍්‍රමාණයක් ඉදිරිපත් කළ බවත් ඒවායේ විශාල පිටු සංඛ්‍යාවක් අඩංගු බවත් සඳහන් කළ විනිසුරුවරයා මෙම කාර්යය නිසි ලෙස සම්පූර්ණ කිරීමට කැපවන බවත් සඳහන් කළේය.

Daily Mirror ඇසුරෙනි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now