SKIP TO MAIN CONTENT

අගමැති රනිල් අද ජපානයට.

PM Ranil to visit Japan on Today
Source: PM Media

1 min read

Published

By Madhura Seneviratne

Source: Daily News



Skip to article content

ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (10/04) සය දින නිල සංචාරයක් සඳහා ජපානය බලා පිටත්ව යාමට නියමිතය.

මෙම සංචාරය අතරතුරේදී අගමැති වික්‍රමසිංහ මහතා ජපාන අග්‍රාමාත්‍ය Shinzo Abe හමුවීමටද නියමිතය.

ජපන් - ශ්‍රී ලංකා මිතුදම තවත් ශක්තිමත් කිරීමට අවශ්‍ය ශක්තිය ලබා දීමට ජපානය අපේක්ෂා කරන බව ජපන් රජය නිවේදනය කර තිබේ.

අගමැති වික්‍රමසිංහ මහතා සමග මෙම සංචාරය සඳහා ඒ මහතාගේ භාර්යාව වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ, සරත් අමුණුගම සහ මලික් සමරවික්‍රම යන අමාත්‍යවරුන් මෙන්ම අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, අග්‍රාමාත්‍ය සහකාර ලේකම් සමන් අතාවුදහෙට්ටි යන පිරිසද එක් වීමට නියමිතය. 


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now