ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (10/04) සය දින නිල සංචාරයක් සඳහා ජපානය බලා පිටත්ව යාමට නියමිතය.
මෙම සංචාරය අතරතුරේදී අගමැති වික්‍රමසිංහ මහතා ජපාන අග්‍රාමාත්‍ය Shinzo Abe හමුවීමටද නියමිතය.
ජපන් - ශ්‍රී ලංකා මිතුදම තවත් ශක්තිමත් කිරීමට අවශ්‍ය ශක්තිය ලබා දීමට ජපානය අපේක්ෂා කරන බව ජපන් රජය නිවේදනය කර තිබේ.
අගමැති වික්‍රමසිංහ මහතා සමග මෙම සංචාරය සඳහා ඒ මහතාගේ භාර්යාව වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ, සරත් අමුණුගම සහ මලික් සමරවික්‍රම යන අමාත්‍යවරුන් මෙන්ම අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, අග්‍රාමාත්‍ය සහකාර ලේකම් සමන් අතාවුදහෙට්ටි යන පිරිසද එක් වීමට නියමිතය.