“ඔස්ට්‍රේලියානු මහා මැතිවරණය 2016”- ලිබරල් සන්ධානයට බහුතරයක් සමග නව රජයක් පිහිටුවා ගත හැකි වනු ඇති බවට අග්‍රාමාත්‍ය Malcolm Turnbull පවසයි

ආසන ගණනක් අහිමි වුවද තවමත් සන්ධානයට බහුතරයක් සමග රජයක් පිහිටුවා ගත හැකි වනු ඇති බවට අග්‍රාමාත්‍ය Malcolm Turnbull පවසයි.

Malcolm Turnbull

Source: AAP

ආසන ගණනක් අහිමි වුවද තවමත් සන්ධානයට බහුතරයක් සමග රජයක් පිහිටුවා ගත හැකි වනු ඇති බවට අග්‍රාමාත්‍ය  Malcolm Turnbull පවසයි. ඉරිදා අලුයම  වන විටත් පැහැදිලි මැතිවරණ ජයග්‍රහණයක් පිලිබඳ ප්‍රතිපලයක් ලබා ගැනීමට නොහැකි වුවද අග්‍රාමාත්‍යවරයා පැවසුවේ ඔහුට පක්ෂයේ නිලධාරීන්ගෙන් ලැබී ඇති තොරතුරු අනුව සන්ධානයට බහුතරයක් සහිත රජයක් පිහිටුවා ගත හැකි බවට අග්‍රාමාත්‍යවරයා පවසා තිබේ. 30%ක් පමණ චන්ද තවමත් ගනං කිරීමට ඇති අවස්තාවක එය ඉතා තියුණු මැතිවරණයක් වූ බවද ඔහු පවසා තිබේ.

 

වාර්තා වන අන්දමට  සම්පුර්ණ ප්‍රතිපලය ලබන අඟහරුවනදා වන විට ලබා ගත හැකි වනු ඇති. එසේම මෙවර මැතිවරණයේ දී සන්ධානයට සංවිධානාත්මක ලෙස මුදල් වැය කරමින් කම්කරු පක්ෂය හා සංවිධාන Medicare පිලිබඳ බියක් ඇති කරමින්  එල්ල කල විරෝධතාවකට මුහුණ දීමට සිදු වූ බවද ඔහු පවසා තිබේ. එසේම මැතිවරණය දිනයේ  Medicare වෙතින් යයි සඳහන් කරමින් ඕස්ට්‍රේලියානුවන්ට medicare පෞද්ගලීකරණය කරන බවට ව්‍යාජ කෙටි පණිවිඩ යැවීමේ වැඩපිළිවෙලද පොලීසිය විසින් විමර්ශනය කරනු ඇති බවද ඔහු පැවසීය. 

අග්‍රාමාත්‍යවරයා විසින් කම්කරු පක්ෂය ලැජ්ජා සහගත  ලෙස medicare පෞද්ගලීකරණය කරන බවට අනවශ්‍ය බියක් ඇති කිරීම ඕස්ට්‍රේලියානු දේශපාලනයේ ලැජජ සහගත අවස්තාවක් ලෙස හඳුන්වා දී තිබේ. නීතිපති George Brandis  විසින් ද සන්ධානය ඒ පිලිබඳ පොලිස් විමර්ශනයක් ඉල්ලා  ඇති බවට පවසා තිබේ 

Turnbull මහතා පැවසුවේ කම්කරු පක්ෂයට බහුතර රජයක් පිහිටුවා ගැනීමට හැකියාවක් නැති බවයි. සන්ධානය විසින් ඔස්ට්‍රේලියාව ආර්ථික සැලැස්ම අනුව ඉදිරියට ගෙන යන බවත්, විපක්ෂයට හැකියාව තිබෙන්නේ ලෝකයේ සිදු වනදේ පිලිබඳ අවධානය යොමු නොකර සැඟවී සිටීමට බවත් ඔහු පැවසීය. එසේම විපක්ෂය ඒ නිසා රට තව දුරටත් නය මගින් හැකි තාක් දුර ඇදගෙන යාමේ දේශපාලන බේරී යාමක් ලෙස ද ඔහු සලකන බව පැවසීය.

මෙහිදී Double Dissolution මැතිවරණයක් සඳහා තීරණය ගැනීම දේශපාලන තුරුම්පුවක් ලෙස පැවසීම ප්‍රතික්ෂේප කල Turnbull මහතා ප්‍රකාශ කලේ එය සූලු පක්ෂ සාමාජිකයන් ඉවත් කිරීමට නොව ඉදිකිරීම් ක්ෂේස්ත්රයේ නීතිමය භාවය රැකීමට සිදු කල් එකක් බවයි. මැතිවරණයක් ප්‍රකාශ නොකෙළේ නම් CFMEU නම් ඉදිකරීම් පිලිබද සංගමයට අවශ්‍ය දෙයක් කිරීමට ඉඩ දී බලා සිටීම ඕස්ට්‍රේලියානුවන්ට යහපතක් නොවන බවද ඔහු පවසා තිබේ.

 


2 min read

Published

Updated

By Charitha Adikari

Source: AAP



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now