SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාවේ බලශක්ති ගාස්තු පහත හෙළීමට ගෑස් අපනයනය සීමා කිරීමට අගමැති ටර්න්බුල් සැරසෙයි.

power bills
Source: SBS

1 min read

Published

Updated

By Madhura Seneviratne

Source: SBS News



Skip to article content

ඔස්ට්‍රේලියාවේ බලශක්ති බිල්පත් හි මිල ඉහළ යාම හමුවේ ගෑස් කර්මාන්තයෙන් ඔස්ට්‍රේලියානු බලශක්ති සමාගම් ඉවත්ව කටයුතු කරන ලෙසට අගමැති මැල්කම් ටර්න්බුල් අනතුරු අඟවා තිබේ.

කෙසේවෙතත්, මෙම නව නීති මගින් ඔස්ට්‍රේලියාවේ බලශක්ති පාරිභෝගිකයින්ට හා ව්‍යාපාර වලට ආර්ථික සහනයක් සැලසේවි යැයි නිශ්චිතවම තවමත් කිව නොහැකි බව පවසන අගමැතිවරයා කියා සිටියේ “කාලය එය පවසාවි” යනුවෙනි.

බලශක්ති බිල්පත් හි මිල ඉහළ යාමට එක් ප්‍රධානතම හේතුවක් වී ඇත්තේ ඔස්ට්‍රේලියාවේ නැගෙනහිර වෙරළේ නිෂ්පාදනය කරනු ලබන ගෑස් වැඩි වශයෙන් අපනයනය කිරීම බව අනාවරණය වී ඇත.

මෙනිසා, දේශීය වශයෙන් පරිභෝජනය කිරීමට ගෑස් වල හිඟතාවක් පවතියි.

මෙම හිඟය පියවීමට පියවර ගත් වහාම එළඹෙන ජූලි 01 වන දින සිට ඔස්ට්‍රේලියාවෙන් ගෑස් අපනයනය සීමා කෙරෙන නව නීති හඳුන්වා දීමට රජය සූදනම් වෙයි.

ගෑස් හි තොග මිල විගස පහත බසිනු ඇති නමුත් සිල්ලර මිල ගණන් වෙනම අංගයක් බව අගමැති ටර්න්බුල් වැඩිදුර පවසා තිබේ.

ගෑස් අපනයනය කිරීම සඳහා පමණට වඩා බලපත්‍ර ලබා දුන් බවට ඔහු පෙර පැවති කම්කරු පක්ෂ ආණ්ඩුවට දොස් පවරා ද තිබුණි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now