SKIP TO MAIN CONTENT

ඊශ්‍රායලයේ පිහිටි ඔස්ට්‍රේලියානු තානාපති කාර්යාලය ජෙරුසෙලමට ගෙන නොයන බවට ටර්න්බුල් තහවුරු කරයි.

PM Turnbull confirmed Australia's embassy will remain in Tel Aviv.
Source: AAP

1 min read

Published

By Madhura Seneviratne



Skip to article content

ඊශ්‍රායලයේ අගනුවර ලෙස ජෙරුසෙලම අමෙරිකාව විසින් නිල වශයෙන් පිළිගැනීමත් සමග  Tel Aviv පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලය ජෙරුසෙලමට ගෙන යාම ඔස්ට්‍රේලියාවට කිසිදු බලපෑමක් ඇති නොකරන බවත් ඔස්ට්‍රේලියාව ඊශ්‍රායලයේ  Tel Aviv හි පිහිටා ඇති තම තානාපති කාර්යාලය ජෙරුසෙලම  ගෙන නොයන බවත් අගමැති මැල්කම් ටර්න්බුල් තහවුරු කරයි.

පසුගිය සතියේදී ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඊශ්‍රායලයේ අගනුවර ලෙස ජෙරුසෙලම නිල වශයෙන් පිළිගැනීමත් සමග ඊශ්‍රායලයේ Tel Aviv පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලය ජෙරුසෙලම වෙත ගෙන යාමට තීරණය කළේය.

නමුත් ඔස්ට්‍රේලියාවට එසේ කිරීමේ අවශ්‍යතාවක් නොමැති බව ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් ABC රූපවාහිනියේ Q and A වැඩසටහනට එක්වෙමින් පැවසීය.

SBS පුවත් ඇසුරෙනි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now