SKIP TO MAIN CONTENT

තම රජය චීන විරෝධී රජයක් නොවන බවට ඔස්ට්‍රේලියානු අගමැති මැල්කම් ටර්න්බුල් පවසයි.

Prime Minister Malcolm Turnbull has dismissed any suggestion his government is anti-Chinese as outrageous
Voters divided on whether Malcolm Turnbull should continue as Prime Minister, YouGov-Fifty Acres poll shows Source: AFP

1 min read

Published

By Madhura Seneviratne



Skip to article content

තම රජය චීන විරෝධී බවට නැගෙන චෝදනා ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය මැල්කම්  ටර්න්බුල් ප්‍රතික්ෂේප කරයි.

ඔස්ට්‍රේලියාව තුළ වාසය  කරන සහ අධ්‍යාපනය ලබන චීන ජාතිකයින් පිළිබඳ ඔස්ට්‍රේලියානු මාධ්‍ය විවිධ අපවාද නැගීම සම්බන්ධව චීනයේ The People's දිනපතා පුවත්පත චෝදනා එල්ල කර ඇති අතර ඔස්ට්‍රේලියාව වෙත චීනයේ ඇති බලපෑම පිළිබඳ අගමැති ටර්න්බුල් සිදු කළ ප්‍රකාශයට විරුද්ධව බීජිං නුවරින් පැමිණිල්ලක් ද ඉදිරිපත් වී ඇත.

නමුත් චීනය පිළිබඳ අවිචාරවත් හැගීමක් තම රජය සතු නොවන බව ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් ABC රූපවාහිනියේ Q and A වැඩසටහනට එක්වෙමින් පැවසීය.

නමුත් ඔස්ට්‍රේලියාවේ ඡන්ද දායකයින් ඔස්ට්‍රේලියානු රජය චීනය පිළිබඳ දැක්වූ අදහස් පිළිබඳ වැඩි සැලකිල්ලක් දක්වන බව කම්කරු පක්ෂයේ Kristina Keneally පැවසුවාය.

සිඩ්නි නුවර Bennelong මැතිවරණ බල ප්‍රදේශය සඳහා පැවැත්වෙන අතුරු මැතිවරණයේ ප්‍රචාරක කටයුතු වල නිරතවෙමින් සිටියදී ඇය මේ බව පවසා ඇත.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now