SKIP TO MAIN CONTENT

පළමු ලෝක යුද්ධයේ Beersheba සටනේ සියවන සංවත්සරය සඳහා අගමැති Turnbull ඊශ්‍රායලයට.

Turnbull Israel tour
Source: AAP

1 min read

Published

Updated

By Madhura Seneviratne



Skip to article content

පළමු ලෝක යුධ සමයේදී සිදුවූ Beersheba සටනේ සියවන සංවත්සරය සැමරීමට ඔස්ට්‍රේලියානු අගමැති Malcolm Turnbull ඊශ්‍රායලයේ යෙරුසෙලම් නුවරට ඉතා උණුසුම් පිළිගැනීමක් මධ්‍යයේ ඊයේ ළඟා විය.

අගමැති ටර්න්බුල් හා සිය බිරිය වන Lucy  හට ඊශ්‍රයලයේදී ඉතා උණුසුම් පිළිගැනීමක් ලැබුණු අතර එම පිළිගැනීමට  ඊශ්‍රායල් අගමැති Benjamin Netanyahu සහ ඔහුගේ බිරිදද සහභාගී වූහ.

ඊශ්‍රායලය සහ ඔස්ට්‍රේලියාව පොදු වටිනාකම් හුවමාරු කරගනිමින්  සිටින බව ඊශ්‍රායල් අගමැති Benjamin Netanyahu එහිදී ප්‍රකාශ කළේය.

ඊශ්‍රයලයේදී තමන්ට ලැබුණු පිළිගැනීම ඔස්ට්‍රේලියාව තුළ ලද එකක් ලෙස දැනෙන බවත් තමන් ඔස්ට්‍රේලියාව තුළ සිටින හැගීමක් දැනෙන බවත් ඔස්ට්‍රේලියානු අගමැති මැල්කම් ටර්න්බුල් එහිදී ප්‍රකාශ කළේය.

දෙරටේ රාජ්‍ය නායකයින් දෙදෙනා පළමු ලෝක යුධ සමයේදී සිදුවූ Beersheba සටනේ සියවන සංවත්සරයේ සැමරුම් සඳහා අද සහභාගී වීමට නියමිත බවද වාර්තා වේ.

ඉන් අනතුරුව ඔස්ට්‍රේලියාව සහ ඊශ්‍රායලය අතර ද්වි පාර්ශවික සාකච්ඡාවක් පැවැත්වීමටද කටයුතු සම්පාදනය කර තිබේ.

SBS පුවත් ඇසුරෙනි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now