SKIP TO MAIN CONTENT

Manchester ප්‍රහාරයෙන් මිය ගිය පුද්ගලයින් හට අගමැති ටර්න්බුල්ගෙන් ගෞරව

Manchester Attack
Source: British High Commission in Canberra

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News



Skip to article content

පසුගිය සඳුදා රාත්‍රියේ එංගලන්තයේ Manchester  නුවර සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයෙන් මිය ගිය පුද්ගලයින්ට ගෞරව කිරීමක් වශයෙන් ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය Malcolm Turnbull අද (25/05) පෙරවරුවේ කැන්බරා නුවර පිහිටි බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයෙදී මල් වඩමක් තැන්පත් කිරීමට නියමිතය.

අනතුරුව කැන්බරා නුවර පිහිටි ජාතික මූර්ති භවනේදී අතුරුදහන් වූ ඔස්ට්‍රේලියානු දරුවන්ගේ ඡායාරූප පෙළක් නිකුත් කිරීමේ අවස්ථාවටද ඔහු සහභාගී වනු ඇත.

අතීතයේදී අතුරුදහන්වූ මෙම දරුවන් වර්තමානය වන විට සිටින අයුරු පරිගණක ආශ්‍රයෙන් නිර්මාණය කර ඡායාරූප වලට නගා මෙසේ නිකුත් කිරීමට සූදානම් වේ.

සෑම වසරකම ඔස්ට්‍රේලියානු දරුවන් 20,000 කට අධික සංඛ්‍යාවක් අතුරුදන් වන බව වාර්තා වේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now